20 වෙනුවට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

By Sithumi May 07, 2022 02:47 PM GMT
Report

පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස ඉදිරිපත් කර ඇති 21 වන සහ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ඇතුළත් ගැසට් අතිරේකයක් නිකුත් කර තිබෙනවා. ඒ සමගි ජන බලවේගයේ මහලේකම් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ යන අය විසින්.

මෙම පනත් ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම පිණිසයි නිකුත් කර ඇත්තේ. ඒ අනුව 20 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීම අරමුණු කරගනිමින් 05 (02) යටතේ 'අ' කොටසේ මෙසේ සඳහන් කර තිබෙනවා. 4 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ ''ජනතාව විසි තෝරා පත්කරගනු ලබන ජනරජයේ ජනාධිපති විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.'' යන වචන වෙනුවට ''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.'' යන වචන එයට ආදේශ කර තිබෙනවා.

මේ අතර ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද සංශෝධනයේ පළමුකොට පුරවැසි නිදහස තහවුරු කර තිබෙන අයුරු දැකිය හැකියි. වර්ෂ 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි හිමිකර දී ඇති ජීවත් වීමේ අයිතිය 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් ගිලිහී යාමේ ප්‍රතිවිපාක යළි ඇති නොවීම වස්, මන්ත්‍රී විජයදාස රාජපක්ෂ විසින් ගෙනහැර දක්වන පළමු සංශෝධනය අතිශය වැදගත් යැයි පෙන්වාදීම උචිත වෙනවා

. ඒ අනුව 5 (2) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවට පසුව 'අ' යටතේ '' සෑම තැනැත්තෙකුටම ජීවත් වීමේ සහ පුද්ගලික නිදහසේ අයිතිය ඇත්තේය.'' යනුවෙන් හිමිගන්වා තිබෙනවා.