මිත්තණිය ඝාතනය කළ පහළොස් හැවිරිදි පාසල් සිසුවාගේ ඇඟ හිරිවැටෙන පාපොච්චාරණය..මෙරටින් ඇසෙන අධිසංවේදී පුවත..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Branch Criminal Investigation Department Crime
By Sewvandhi Jan 28, 2024 09:16 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ජංගම දුරකථනයක් මිලදී ගැනීම සඳහා සිය මිත්තණිය ඝාතනය කර ඇගේ රන් මාලය උකස් කළ 15 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.මීට දින කිහිපයකට පමණ ඉහතදි, බෙලිඅත්ත ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තාවූයේය.

එනම් මෙම සිසුවා, මිත්තනිය ඝාතනය කර එම තොරතුරු වසන් කර තිබූ අතර, පසුව ඔහු තවත් අපරාධ ක්‍රියා ගණනාවකට සම්බන්ධ වී තිබුණා. වෙනත් කොල්ලකෑමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබූ අතර, එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මොහු මිත්තණිය ඝාතනය කළ ආකාරය පිළිබඳවද පාපොච්ඡාරණය කර තිබුණා.

15 හැවිරිදි පාසල් සිසුවා,  බෙලිඅත්ත - නිහිලු‍ව ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් හාරලක්ෂ තිස් දහසක් වටිනා රන්භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියකට අදාළවයි අත්අඩංගුවට ගෙන තිබුණේ.

පසුව මියගිය 70 හැවිරිදි මිත්තනියගේ සිරුර මිහිදන් කර තිබුණේ පශ්චාත් මරණ පරීක්ෂණයක් ද නොපවත්වායි. කෙසේවෙතත් නිවසක් බිඳ රන් ආභරණ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුවාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි අනාවරණ වී ඇත්තේ ජංගම දුරකථනයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා මිත්තනියගේ රන් මාලය කොල්ලකෑමේ අරමුණින් ඝාතනය සිදුකළ බවටයි.

පසුව එම රන් මාලය මිතුරෙක් ලවා උකස්කර ඇති අතර, එම මිතුරා ධීවර රැකියාව සඳහා මේ වන විට මුහුදු ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සහ ඊට සම්බන්ධ බව පැවසෙන ඔහුගේ තවත් මිතුරෙක් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා. මිත්තණියගේ මෘත දේහය පරීක්ෂණ සඳහා හෙට යළි ගොඩගැනීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.(උපුටාගැනීමක්)

Sponsored By Sarrita Jewellery

මිත්තණිය ඝාතනය කළ පහළොස් හැවිරිදි පාසල් සිසුවාගේ ඇඟ හිරිවැටෙන පාපොච්චාරණය..මෙරටින් ඇසෙන අධිසංවේදී පුවත.. | 15 Years Old School Boy Killed His Grandmother