ලොවම කම්පාකරමින් විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යාමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට(විදෙස්)

India Accident
By Sewvandhi Jul 19, 2023 12:11 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යාමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

ඒ, උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ අලක්නන්දා ගං ඉවුරේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යාමෙනි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුරෙන් පොලිස් නිලධාරියකු හා ග්‍රාමාරක්ෂකයන් පස් දෙනෙකුද මියගොස් ඇති බවයි.

NDTV ප්‍රවෘත්ති නාලිකාව වාර්තා කරන පරිදි ට්‍රාන්ස්ෆෝමරය පුපුරා ගොස් චමෝලි නගරයේ පිහිටි පිපල්කෝටි ගම්මානයේ පාලමක් මතට වැටී ඇති අතර, පාලම හරහා විදුලිය ගමන් කර ඇත.

තුවාලකරුවන් දිස්ත්‍රික් ප්‍රධාන රෝහලට ඇතුළත් කර ඇති අතර, උත්තරකාන්ද් ප්‍රාන්ත මහඇමති පුෂ්කර් සිං ධාමි විසින් සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස බලධාරින්ට නියෝග කර ඇති බව සඳහන්ය.