සමාජ මාධ්‍යයට වීඩියෝවක් දැමූ සිසුවා අත්අඩංගුවට..! ප්‍රසිද්ධ නිළියට 15 හැවිරිදි සිසුවා කළ අමුතුම සෙල්ලම..

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Aug 24, 2023 03:35 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රසිද්ධ ළමා නිළියකගේ ව්‍යාජ අඩ නිරුවත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය කළ 15 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංවට ගෙන තිබේ.

අද (24) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට සැකකාර සිසුවා ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදාහැරිණි.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රසිද්ධ ළමා නිළියකගේ ව්‍යාජ අඩ නිරුවත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන බවට පවසමින් අදාළ සිසුවියගේ මව විසින් පසුගියදා පැමිණිල්ලක් ගොනුකර තිබිණි.

ඒ අනුව විමර්ශන සිදුකළ අදාළ කොට්ඨාසය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබුණේ, බෙලිඅත්ත ප්‍රදේශයේ පාසල් සිසුවකු විසින් අදාළ වීඩියෝ පටය සමාජ මාධ්‍යය වෙත මුදාහැර ඇති බවයි. අනතුරුව ඊයේ (23) ඔහු එම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ වීඩියෝපටය සමාජ මාධ්‍යය වෙත මුදාහැර ඇත්තේ, බෙලිඅත්ත ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවකු බවයි එහි දී අනාවරණ වුණේ.

සැකකාර සිසුවා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙන අමතර පංති සඳහා සිය මවගේ ජංගම දුරකතනය ලබාගෙන එමඟින් එක්වූ වට්ස්ඇප් සමූහයක් වෙත අදාළ වීඩියෝ පටය මුදාහැර ඇති බව විමර්ශන නිලධාරීන් වෙත පාපොච්ඡාරණය කර ඇත.

එමෙන්ම ව්‍යාජ ලෙස සකසන ලද අදාළ වීඩියෝපටය වෙනත් පුද්ගලයෙකුගෙන් ලැබුණු බව ඔහු පැවසූව ද එම පුද්ගලයා කවුරුන් ද යන්න පිළිබඳ සැකකාර සිසුවා විමර්ශන නිලධාරීන් වෙත පවසා නැති බව සඳහන්ය.

ඒ අනුව සැකකාර පාසල් සිසුවා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. එහි දී සැකකරු ඇප මත මුදාහැරුණු බව වාර්තා වේ.