අවුරුදු දෙකක් තම බාල වයස්කාර දියණියට ලිංගික අතවර කළ තාත්තා - මෙරටින් ඇසෙන ඇඟ හිරිවැටෙන පුවත..

Sexual harassment Sri Lanka Police Investigation Child Abuse Crime
By Sewvandhi Dec 02, 2023 09:37 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කොබෙයිගනේ පොලීසිය විසින්, ඊයේ (01) තම දියණියට වසර 02ක පමණ කාලයක් ලිංගික අතවර සිදු කළ බව කියන යුද හමුදා කම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විතිකුලිය, වන්නිගම පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු වව්නියාව, පම්පෙමඩුව 17 වන පාබල හමුදා කඳවුරේ කම්කරුවෙකු ලෙස සේවය කරන අයෙකු  බවට අනාවරණය වී ඇත.

කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියට වයස 12ක් වන දියණියට සැකකරු විසින් වසර 02ක පමණ කාලයක සිට ලිංගික අතවර සිදු කරන බවට තොරතුරක් ලැබී තිබිණි.

අවුරුදු දෙකක් තම බාල වයස්කාර දියණියට ලිංගික අතවර කළ තාත්තා - මෙරටින් ඇසෙන ඇඟ හිරිවැටෙන පුවත.. | 12 Years Lod Girl Abuse Kobeigane

එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ළමා ආරක්ෂණ අධිකාරිය විසින් කොබෙයිගනේ පොලීසියට දැනුම් දී ඇති අතර, ඒ අනුව සිදු කළ විමර්ශන හරහා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අතවරයට පත් ව ඇති බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. සැකකරු නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.