ඇමරිකාවේ වෙඩි තැබීමකින් 04ක් ජිවිතක්ෂයට - 28ක් තුවාල ලබයි..

United States of America Crime
By krishani Apr 17, 2023 04:07 AM GMT
Report

අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඩැඩෙවිල් නගරයේ උපන්දින සාදයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 28 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මියගිය අය අතර ඉහළ පෙළේ ඇමරිකානු පාපන්දු ක්‍රීඩකයෙකු ද සිටින බව වාර්තා වේ.

ඔහුගේ සහෝදරියගේ 16 වන උපන් දිනය සැමරීම වෙනුවෙන් මෙම සාදය පවත්වා ඇති අතර වෙඩි තැබීමේ සිද්ධිය සිදු වූ ආකාරය පිළිබඳව මෙතෙක් මාධ්‍ය වෙත වාර්තා නිකුත් වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join