සමහරු කාලා ඇති - සමහරු කාලා නැති Zucchini.

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Aug 25, 2022 11:17 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සමහරු කාලා ඇති...සමහරු කාලා නැති Zucchini " සුක්කීනි ගැන තමයි මේ කියන්න යන්නේ. සුකිනි නොහොත් " Courgette" කියන්නේ රසවත් එළවළුවක්. ලංකාවට නම් පෙනුමෙන් ටිකක් වෙනස් කෑමක් වෙන්න පුළුවන්. ඒ වුණාට සාමාන්‍ය කඩවල් වල වගේම සුපිරි වෙළෙඳසැල් වලින් මිලදී ගන්න පුළුවන්.

History

? අපි "සුක්කීනි" එළවළුවක් වගේ කෑවට උද්භිද විද්‍යාවට අනුව නම් මේක පළතුරක්.

? ඇමරිකාව නිජබිම් කරගෙන ආරාම්භ වී ඇති සුක්කීනි පසුව ඉතාලියේ ප්‍රසිද්ධ වී ඇති බව සඳහන්.

? වට්ටක්කා හා ග්‍රීන් කියුකම්බර් ( green cucumber ) වල එකතුවක් ලෙසත් සමහරු මෙය හඳුන්වනවා.

? ඒ, Zucchini වල වට්ටක්කා මෙන් මාංශ පිහිටා තිබීමත් කියුකම්බර් මෙන් හැඩයක් හා මධ්‍යගතව බීජ පිහිටා තිබිමත් හේතුවෙන්.

? ඉතාලි භාශාවෙන් " ද්සුක්කිනි" ( zucchini ") ලෙසත් ආරාබි භාශාවෙන් " කූසා" ලෙසත් මෙය හදුන්වනු ලබනවා .

? යුරෝපයේ ,ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ මෙන්ම මැදපෙරදිග රටවලත් ඉතාමත් ප්‍රසිද්ධ එළවලුවක් වන සුක්කීනි අතීතයේ කොළ පැහැයෙන් පමණක් තිබූ බව සඳහන්.

? නමුත් අද වන විට අඩු වැඩි කොළ පැහැයෙන් මෙන්ම කහ පැහැයෙන් හා විවිධ හැඩයෙන් ද දකින්න ලැබෙනවා.

? ඒ දෙමුහුන් තාක්ෂණය භාවිතා කර නව නිෂ්පාදනයන් සිදු කර ඇති නිසයි.


වතගොත

? සාමාන්‍යයෙන් සුක්කීනි ගසක් අඩි 2 1/2 පමණ උසට වැඩෙනවා.

? වට්ටක්කා මෙන් හැඩැති පත්‍ර පිහිටා ඇති අතර ගසක් වුවද වැලක් මෙන් පහලට නම්‍යශීලීව වැඩෙනවා.

? හොඳින් වැඩුණු සුක්කීනි ගසක් මාස 4ක් පමණ හොඳින් ඵලදාවක් ලබා දෙනවා .

? උෂ්ණ දේශගුණයක වැඩෙන සුක්කීනි ශාකය ඕනෑම ප්‍රදේශයකට ඔරොත්තු දෙනවා .

? පහසුවෙන් වගා කළ හැකි මෙය බොහෝ ඵලදාවක් ලබා ගතහැකි එළවලුවක් .

? සුකිනි රසවත් මෙන්ම ගුණවත් බවින් ඉහළයි.

? මේවායේ තන්තු සහ විටමින් B - complex , B6,B1 ,B2 ,B3 සහ ඛනිජ ලවණ , මැග්නීසියම් , වලින් අනූන වන අතර අඩු කැලරි ප්‍රමාණයක් හා කොලොස්ටරෝල් හා මේදයෙන් තොරයි.

? සම ආරක්ෂා කරන ගුණයක් හා හදවතට ගුණ දෙන සුක්කීනි ශරිරයේ විෂ ඉවත් කරන්න වගේම රුධිර පීඩනය සමනය කිරිමටත් උදව් වෙනවා. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW