මම උපන්දිනේ අන්තිමට සැමරුවේ 21දී.. ආදරණීය යුරේනි උපන්දිනයදා තැබූ සංවේදි සටහන.(PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress Artist
By Sithumini Jan 31, 2025 09:05 AM GMT
Report


. යුරේනි නොශිකා කියලා කියන්නේ මෙරට රංගන ක්ශේත්‍රයේ ඉන්න දක්ෂම සහ ජනප්‍රියම නිළියක්. ඇය මේ වන විට බොහෝ දෙනාගේ ආදරය ලබනවා. කෙලින් කතා කරන යුරේනිට බොහෝ දෙනා ආදරය කරන හේතුවක් වන්නේත් ඇයගේ කතා විලාශය.

ඉතාම ලස්සන ජීවිතයක් ගතකරන යුරේනි මේ වෙද්දි බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගෙන ඉන්නේ ඇයගේ තරුණ පෙනුම රැකගෙන ඉන්න නිසාමයි.

තවත් අවුරුද්දක් ජීවිතයේ ඉදිරියට පා තබන යුරේනි එයාගේ උපන්දිනය දවසේ තැබූ සටහනක් වෙත බොහෝ දෙනෙක්ගේ අවදානය යොමු වෙලා තිබුණා.

උපුටා ගැනීම.

මම ලොකුවට උපන්දිනය සමරන කෙනෙක් නෙමෙයි . මම අන්තිමට කියලා birthday party එකක් ගත්තේ මගේ 21වෙනි උපන්දිනයයි. හැබැයි මෙදාපාර උපන්දිනය මම හිතුවෙවත් නැති විදිහට ගොඩක් අය මාව සැමරුවා. එකෙන් කවදාවත් නැති වෙනමම සතුටක් ලැබුවා🙂 ඔයාලා ගොඩදෙනෙක් මට හදවතින්ම සුබ පතලා තිබුනා.

සමහර සුභ පැතුම් කියවනකොට කුදුලුත් ආවා කවදාවත් මාව සජීවිව දැකල නැති ඔයාල දෙන මේ ආදරයට 🙏🏻❤️ මගේ උපන්දිනේ දවසේ මාව සතුටු කරපු මගේ යාලුවන්ට සහා මට සුභ පැතුම් එවපු හැමකෙනෙක්ටම ගොඩාක් ස්තුති .

එ මට දෙන ආදරයට ස්තූති.මගේ 2025 අවුරුද්ද වාසනාවන්ත වසරක් වේවි කියලා හිතනවා ඔයාලගේ ආශිර්වාද එක්ක. ඉතිං ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි . ඔයාල හැමොටමත් 2025 අවුරුද්දේ ඉලක්ක හීන වලට යන්න , සතුටින් ඉන්න ලැබෙන්න විශ්වයෙන් පිහිට ලැබේවා 🙏🏻❤️

GalleryGalleryGalleryGalleryGallery