මන් වැඩිපුරමා ආදරේ කළේ විදේශීය පෙම්වතෙකුට.. යුරේනි නොෂිකා ප්‍රථම වරට හෙළි කළ කතාව (PHOTOS ) ...

Gossip Today SL Actress Gossips
By Sithumi Aug 11, 2022 05:27 PM GMT
Report

යුරේනි නොශිකා, නම රූපය වගේම කට හඩිනුත් ඈව නොහදුනන කෙනෙක් නැහැ. ඇයගේ විලාසිතා නිසාම ඇය සමාජ මාධ්‍යයේ කැපි පෙනේන චරිතයක්. ඒ හැම දෙයකටම වඩා යුරේනි දක්ෂ රංගන ශිල්පිනියක්. 

රූප පෙට්ටියෙන් හෝ සමාජ මාධ්‍යයේ දකින යුරේනිට වඩා සැබෑ ජීවිතයේ ජීවත් වෙන යුරේනි වෙනස්. නිහතමානී ගති ඇති ඈ ගැනයි මේ.

යුරේනි ඔබ රංගනයෙන් දායක වෙන සිනමා සිත්තමක් මේ වෙද්දී තිරගත වෙනවා..?

2017 වර්ෂයේ රූගත කළ නයිට් රයිඩර් සිනමා පටය තමයි තිරගත වෙන්නේ. මේ නිර්මාණය අධ්‍යක්ෂණය කළේ කසුන් පතිරණ. 

ඔහුගේ කුළුදුල් නිර්මාණය. නමුත් මේ නිර්මාණය ප්‍රේක්ෂකයින් ආදරෙන් නරඹයි කියලා හිතනවා. ත්‍රාසය, භිතිය එක්ක අන්තර්ගතය වෙනස් වූ නිර්මාණයක් නිසා.

ඔබ රංගනයෙන් දායක වෙන බොහෝ නිර්මාණ අධ්‍යක්ෂණය කළේ නවකයින්..?

නිනෝ ලයිව් චිත්‍රපට ය, කුහුඹුවෝ නාට්‍ය, වගේම නයිට් රයිඩර්, ඉදිරියේ දි විකාශය වීමට නියමිත චිත්‍රපටය ඔක්කෝම අලුත් අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණ. හිතලා භාර ගත්තා නෙමෙයි. තිරපිටපත හොඳ නිසා භාර ගත්තා. ඒ වගේම ඒ අධ්‍යක්ෂකවරුන් නිර්මාණය සාර්ථකව අවසන් කරයි කියන විශ්වාසයෙන් ඒ නිර්මාණ භාර ගත්තා. කොහොම නමුත් මගේ ඒ ‍ෙත්රීම් වැරදිලා නෑ.

ඇයි වැඩිය පුංචි තිරයෙන් දකින්න නැත්තේ..?

ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙනවා කියන්නේ දවසකට පැය 10ක් 12ක් වැය කරන්න ඕන. එහෙම කාලය වැය කරන්න නම් මගේ මුදල මට ගෙවන්න ඕන. නැත්නම් මම භාර ගන්නේ නැහැ. 

 ඒ කියන්නේ ඔබේ මුල්‍ය වටිනාකම වැඩියි..?

නෑ. මම සාධාරණ මුදලක් අය කරන්නේ. ඒ මුදල ලැබෙන්න ඕන. රටේ තියෙන ප්‍රශ්න එක්ක නිර්මාණ තෝරන්න බෑ. නමුත් මට හොඳ පිටපතක් ලැබුණොත් මුදල ගැන හිතන්නේ නෑ.

කුඩා කාලේ ඔබ ජීවත් වෙන්නේ ආච්චී සීයා එක්ක, ඔවුන් ඔබට නිතී රීති දාලා නැද්ද ..?

මගේ ආච්චිට හිතෙන්න ඇති මම කොහොම හරි ගේමක් ගහලා ගොඩ යයි කියලා. මම හොදින් ඉගෙන ගත්තා. කවදාවත් ඒ දෙන්නා මට අරක කරන්න එපා මේක කරන්න එපා කියලා නිති දාලා කොටු කළේ නැහැ . නිදහසේ ජීවත් වෙන්න ඉඩ හැරියා. මට වැරදුණෙත් නෑ.

ඔබ වැඩිපුර කාලය ගත කළේ නේවාසිකාගාරවල, ඒ සුන්දර ජීවිතේ ගැනත් මතක් කරමු..?

මගේ අම්මා තාත්තා නැති වෙන්නේ මට වයස අවුරුදු 7දි. මම ඉගෙන ගත්තේ කොළඹ පාසලක. මට වියදම් කරන්න තරම් ආච්චිට වත්කමක් තිබ්බේ නෑ. ඒ නිසා මාව හොස්ටල් දැම්මා. පාසල් ආදී ශිෂ්‍ය සංගමයෙන් මට ශිෂ්‍යත්වයක් ලැබුණා.

එදා ඉඳලා උසස් පෙළ අවසන් වනතුරු හොස්ටල් තමයි. උසස් පෙළ කරලා පළමු රස්සාවට ගියෙත් හොස්ටල් එකක ඉඳලා. පාසල් විදුහල්පතිනිය ප්‍රියානි ප්‍රනාන්දු මහත්මිය ආදරයෙන් මතක් කරනවා. එතුමිය මාව තෙරුම් අරන් මට උදව් කළා. මට අම්මා තාත්තා ගේ ආදරය පුංචි කාලේ ඉඳලා නැති වුණු නිසා වෙන්න ඇති ඒ කාලේ මට හරියට තරහා යනවා.

ඇය මාව මනෝ උපදේශනයට යොමු කළා. මට නීති රිති දැම්මත් ඒවා කඩ කළා. එතුමිය ‍ෙත්රුම් ගත්තා මට ආදරෙන් කතා කරන්න ඕන කියලා. 

“යුරේනි හොඳට ඉගෙන ගන්නවා වගේ විනයත් හදාගන්න” කියනවා. ඒත් මම හරි මුරණ්ඩුයි.

පාසල් යන කාලේ ආදරේ කරලා නැද්ද ..?

හොස්ටල් හිටපු නිසා කොල්ලෝ දකින්න නැහැනේ. මම උසස් පෙළ කරන්න මාස තුනක් විතර තියෙද්දි අපේ ආච්ච්ගේ ගමේ පිරිමි ළමයෙක් හිටියා. එයා මගේ පස්සෙන් අවුරුදු තුනක් විතර ආවා.

මගේ ආච්චි අන්තිමට කිව්වා ඔය කොල්ලා ඔච්චර පස්සෙන් එන එකේ කැමති වෙන්න හොඳ කොල්ලා කියලා. නමුත් පිට කතාබහ බෑ. ගෙදර විතරයි. ඒ තමයි පළමු ආදරේ. ඒක නැති වුණා. ඔහු විදෙස් කාන්තාවක් විවාහ කරගෙන පිටරට ගියා.

යුරේනි දැන් ජනප්‍රිය චරිතයක් නේ, ආදරේ ඉල්ලගෙන අයුතු යෝජනා කරන පිරිස එහෙම නැද්ද ..?

මට ආදරේ කියන්න බොහෝ දෙනෙක් බයයි. ගොඩාක් වැදගත් පවුල්වල ළමයින්ට මම ගැන කැමැත්තක් තියෙනවා කියලා තේරිලා තියෙනවා. නමුත් අහලා නෑ. මම හතර දෙනෙකුට ආදරේ කරලා තියෙනවා. අයුතු යෝජනා ගේන්න කොහොමත් බය ඇති.ඒවට මගෙන් ඉඩක් නෑ

වැඩිපුරම ආදරේ කළේ කාටද..?

එයා විදේශිකයෙක්.

ඔහුව මුණගැහෙන්නේ..?

කිදුරංගනා නාට්‍ය මුල් කාලේ තමයි එයාව මට මුණ ගැහෙන්නේ. දවසක් මම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ගියා රමණී සිරිවර්ධන ගේ සැලෝන් එකට කොණ්ඩේ හදන්න ඒ යනකොට මගේ යාළුවෙක් වාඩිවෙලා හිටියා. එයා ක්‍රිකට් ක්‍රිඩකයෙක්. මම ඔහුට හායි කියලා අතවනාගෙන ගියා. එතන තමයි ඔහු හිටියේ, එදා රෑ අර යාළුවා මට කතා කරලා කිව්වා අපේ කෝච් ඔයාගේ නම්බර් එක ඉල්ලනවා දෙන්නද කියලා. 

මමත් හා කිව්වා. එයා එතකොට ක්‍රිකට් කණ්ඩායමේ හිටපු භෞත චිකිත්සක පුහුණුකරු. එදා ඉදලා අපි හිතවත් වෙලා ආදරේ කළා. අපි විවාහ වෙන්න හිටියේ. වැඩිම කාලයක් ආදරේ කළේ ඔහුට. අවංකව ආදරේ කරපු කෙනෙක්. මම කිදුරංගනා එක්ක කාර්‍යබහුල වෙලා ඉද්දී එයාගෙන් මට මිස් කෝල්ස් ගොඩක් තියෙනවා. මම විවේකයක් ලැබුණු ගමන් එයාට කතා කරනවා. 

මුලින්ම අහන්නේ ඔයාට මාව මිස් වුණා ද කියලා. එතරම්ම හොඳ කෙනෙක්. අවසානයේ ඒ ප්‍රේමයට සමු දුන්නා. එයා මට වඩා අවුරුදු 7ක් වැඩිමහල්. එයා හිතුවේ එයා නිසා මගේ රංගන ජීවීතේ නතර වෙයි කියලා. බොක්කට ම දැනුණු ආදරයක් ඒක. දවසක් පාන්දර 2ට විතර කෝල් කරලා යාළුවෙක් ඉන්නවා හායි කියන්න කියලා ඇමතුම වෙන කෙනෙකුට දුන්නා.

අයි පී එල් කාලේක. ඒ කතා කළේ ශාරුක් ඛාන්. ඒ වගේ සුන්දර මතකත් තියෙනවා.

ඊට පස්සේ හිතුවා කාටවත් ම ආදරේ කරන්නේ නෑ කියලා. ඊට පස්සේ..?


ඒ පොරොන්දුව 2018දි කඩ කරමින් අවුරුදු නමයක් බාල මල්ලී කෙනෙකුට ආදරේ කළා. ඒක පාර්ශවීය ආදරයක්. එයා දන්නවා මම එයාට ආදරේ යි කියලා. ඒත් එයා මම අහනකල් හිටියා. මම පාඩුවේ හිටියා. දැන් එයා විවාහ වෙනවා ළඟදී.

යුරේනි වැඩිපුරම බැණුම් අහන්නේ විලාසිතා නිසා..?

මගේ ජීවිතේ ගෙවෙන්නේ විලාසිතා එක්ක. මම එන්ජෝයි කරනවා. පුංචි කාලේ ඉඳලා මම ගොඩක් කොට කලිසම් ඇඳගෙන ගම වටේට බයිසිකල් පැද්ද කෙල්ලෙක්. මම පොඩි කාලේ ඉදලා කොටට අඳින්නේ. මම ලස්සන විලාසිතා කරද්දී ඒ කාලේ නිළියෝ ඒ වගේ විලාසිතා කරේ නෑ. කොහොම නමුත් දැන් ඉන්න තරුණියෝ නම් ලෝකයා මොනවා කිව්වත් ලස්සනට අඳිනවා. මම කවදාවත් ඇඟේ කොටස් පේන්න ඇන්දේ නැහැ . නමුත් විලාසිතා නොකර ඉන්නෙත් නෑ. ඉස්සර නම් දුක් වුණා දැන් ඒවා ගැන හිතන්නේ නෑ.

උපුටාගැනීම : රසදුන..

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery