හවස තේ මේසයට රස යෝගට් කේක් රෙසිපි එකක්.

Sri lanka Food Recipes
By Wayomi Sep 18, 2022 07:00 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ගෙදරද ඉන්න ගමන් හවස තේ මේසයට රස යෝගට් කේක් එකක් හදමුද?

අවශ්‍ය ද්‍රව්‍ය

? පාන් පිටි කෝප්ප 1

? සීනි කෝප්ප 1

? පොඩි යෝගට් 1

? බිත්තර 1

? මාගරින් 40g

? බේකිං පවුඩර් තේ හැදි 1


සාදාගන්න ආකාරය

? මුලින්ම බිත්තරේ කඩලා භාජනයකට දාලා ඒකටම සීනි ටිකත් දාලා විස්ක් එකකින් විනාඩි දෙක තුනක් ගසා ගන්න.

? දැන් මාගරින් ටිකත් දාලා විනාඩියක් විතර හොඳින් ගසාගෙන යෝගට් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න.

? දැන් බේකිං පවුඩර් ටිකයි පිටි ටිකයි එකතු කරලා කලවම් කරලා ට්‍රේ එකකට දාලා අංශක 180 විනාඩි දහයක් ප්‍රී හීට් කරගත් අවන් එකේ විනාඩි 30/35 අතර කාලයක් බේක් කරගන්න. (තියෙනවා නම් ඒ මිශ්‍රණයට වැනිලා ටිකකුත් දාගන්න.)  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW