පාතාලේ ලොක්කෙකුට සිදුවූ අනපේක්ෂිත සිදුවීම..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jan 30, 2024 08:02 AM GMT
Report

කළුතර කොට්ඨාස දූෂණ මර්දන වැටලීම් ඒකකය පවසන්නේ,T -56 වර්ගයේ ගිනි අවියක් රැගෙන මෝටර් රථයකින් ගමන්කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව

පොලීසිය පැවසුවේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙල්ගොඩ වීරප්පන් සහ බාජා නැමැති අන්වර්ථ නම්වලින් හඳුන්වන 46 සහ 29 වියැති පුද්ගලයන් දෙදෙනෙකු බවයි.

යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිස් කණ්ඩායම දෙල්ගොඩ සිට අඟුරුවාතොට දෙසට ගමන්කළ මෝටර් රථය නාර්තුපාන පාළම ආසන්නයේ දී නවතා පරීක්ෂා කිරීමේදී එහි තිබී වෙඩි උණ්ඩ 28 ක් සහිත මැගසීනයක් සහිත T-56 ගිනි අවියක් , කඩු 2 ක්, අත්බෝම්බ 2 ක් සහ හෙරෝයින් ග්‍රෑම් 11ක් හමුවී තිබේ.

තවදුරටත් ප්‍රධාන සැකකරු ගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් කඩු 5 ක්, වායු රයිෆලයක්, ගල්කටස් ගිනිඅවියක් සොයාගත් බවද පොලීසිය කීය.

පොලීසිය සදහන් කරන්නේ,T-56 ගිනි අවියේ සියලු අංක කිසියම් උපකාරණයක් යොදා මකා දමා තිබූ බවත් ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්ථාවක් ලබාගැනීමට නියමිත බවත්ය.

සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

Sponsored By Sarrita Jewellery

පාතාලේ ලොක්කෙකුට සිදුවූ අනපේක්ෂිත සිදුවීම.. | Yukthiya Police Operation