යුක්තිය මෙහෙයුමට ඇත්තටම මොකද වෙන්නේ..ජාත්‍යන්තරයෙනුත් බලපෑම්..

Sri Lanka Police Tiran Alles Sri Lanka Police Investigation Ministry of Defense Sri Lanka
By Sewvandhi Jan 29, 2024 12:08 AM GMT
Report

මීගමුව කොට්ඨාස ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින්, යුක්තිය මෙහෙයුමට ජාත්‍යන්තරය බලපෑම් කළත් එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්ද මෙම මෙහෙයුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන් කළ අතර තමා අමාත්‍ය ධූරයේ සිටිනතාක් ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයෙන් තමා වැඩ නොකරන බවයි, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තමාට ප්‍රථමයෙන් සිදු කිරීමට සිදුවූයේ පොලිස් නිලධාරීන්ව ශක්තිමත් කිරීම බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රාජකාරී නිල ඇඳුම ඇඳ සිටින්නේ නම් කවුරුන් හෝ පහරදීමට පැමිණෙන්නේ නම්, පෙරළා පහරදිය යුතු බවත්, නැතහොත් අදාළ නිල ඇඳුමෙන් ප්‍රයෝජනයක් නොමැති බවත්ය.

තමාට දැඩි තීරණ ගැනීමට සිදුවූ බවත්, එම තීරණ ගැනීමට හැකිවූයේ ජනාධිපතිවරයා තමන්ට ලබාදුන් ශක්තිය නිසා බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

Sponsored By Sarrita Jewellery

යුක්තිය මෙහෙයුමට ඇත්තටම මොකද වෙන්නේ..ජාත්‍යන්තරයෙනුත් බලපෑම්.. | Yukthiya Police Operation