23 හැවිරිදි ජනප්‍රිය YouTube තරුවක් හදිසියේම මියයයි. මිය යාමට හේතුව අභිරහසක්..

Youtube Death Social Media
By Aruna Feb 16, 2024 07:24 AM GMT
Report

ජනප්‍රිය youtube තරුවක් වන මුඩියා සෙඩික් ඔහුගේ නිවස තුළම ජීවිතක්ෂයට පත්වී තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

23 හැවිරිදි ජනප්‍රිය YouTube තරුවක් හදිසියේම මියයයි. මිය යාමට හේතුව අභිරහසක්.. | Youtube Star Death

සෙඩික් ගේ මරණයට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසා සිටින්නේ.

මුඩියා සෙඩික් 2018 වසරේ සිට මේ දක්වා සිය youtube නාලිකාවට වීඩියෝ 156ක් පමණ නිර්මාණය කර තිබෙන සමාජ මාධ්‍යයේ තරුවක් ලෙසයි ජනප්‍රියව ඇත්තේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඔහුගේ නිවස තුළ තිබී මත්ද්‍රව්‍යය හමුවී ඇති බවයි .

මිය යන විට ඔහු 23 හැවිරිදි වියේ පසු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .