ලග්නයට අනුව ඔබේ ගතිගුණ. බලන්න ඔබ ගැන කියලා තියෙන දේවල් හරියටම හරිද කියලා.

Astrology
By Wayomi Nov 15, 2022 12:52 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

උපන් නැකතට අනුව හැමෝටම වගේ ලග්නයක් තියෙනවා. සමහරු නම් මේවා ගැන ලොකු විශ්වාසයක් නැති වුණත්, ලග්න පලාඵල ගැන ගොඩක්දෙනෙක් උනන්දුයි.

හැබැයි මේ කියන්නේ ලග්න පලාඵල නෙවෙයි. ලග්නයට අනුව ඔබගේ ගතිගුණ පිහිටන ආකාරය ගැනයි. බලන්න ඔබ ගැන කියලා තියෙන මේ දේවල් හරියටම හරිද කියලා

මේෂ ලග්නය

?‍♂️ එඩිතරවේ.පෙරමුණට යෑමේ ආත්ම ශක්තියක් සහිතයි.

?‍♂️ කඩිසරය.කාර්‍යක්ෂමය.

?‍♂️ රණ්ඩුවට සටනට නැඹුරුය.

?‍♂️ පරාජය පිළිගැනීමට අකමැතිය.එකම අරමුණ ජයග්‍රහණය යි.ඒ වෙනුවෙන් සටන් කරයි.

?‍♂️ අන්‍යන්ට අවනත නොවෙයිතම මතය ස්ඵුට කරගැනීමට වෙහෙස දරයි.

?‍♂️ ආඩම්භරය.තමාට වඩා ඉහල කෙනෙකු නැතැයි සිතා කටයුතු කරයි.

?‍♂️ සිතුවොත් යමක් කරන්න ට මැරීගෙන හරි කරනවාමයි


වෘෂභ ලග්නය

?‍♂️ කැපී පෙනෙන සේ ඇඳපැලඳ ගෙන සිටීමට ආශා කරයි.

?‍♂️ තම වාසිය වෙනුවෙන් කටයුතු කරයි.

?‍♂️ හිතැදගන්නා සුළු ළගන්නා ලෙස කථාවේ දක්ෂයන් වේ.

?‍♂️ කේන්ති ගියෝතින් තරමක් සැර පරුෂ තද ගතියක් දකින්නට ලැබෙයි.

?‍♂️ කාර්‍යශූරතවයෙන් ඉහලයි.දක්ෂයි.

?‍♂️ මසුරුගතිය ඉස්මතු වන අවස්තා බොහෝවිට දකින්නට ලැබෙයි.

?‍♂️ ගුප්තමය සොභාවක් ද ඇතැම් විට දකින්නට පුලුවන්.නිහඬයි.

?‍♂️ අනුනට යටත් කරගැනීමට නම් ලේසී නැත.

?‍♂️ ආත්ම ශක්තිය විස්වාසය මහහලින් ඇත.

?‍♂️ රහස් රැකීමට දක්ෂයි.හිතේ රඳවාගෙන සිටීමට ඉතා දක්ෂය.

?‍♂️ නිතරම ජයග්‍රහණය බලාගෙන කටයුතු කරයි.

?‍♂️ සුවඳ විලවුන් වර්ග , ආභරණ වලින් සැරසී සිටීමට වඩාත් කැමති අතර ඒ වෙනුවෙන් අත දිගෑරලා වියදම් කරන අවස්තා ද නැත්තේ නොවේ.

?‍♂️ ගෙදර දොරේ අඩුපාඩුකම් නොතකා පොදුසමාජයේ ගැළපී සිටිමින් කටයුතු කිරීමට වෙර දරයි.සමාජ සේවයට කැමතියි.

?‍♂️ ජනාකිර්ණව සිටිමට වඩා නිශ්කලංකව සිටිමට වඩාත් ප්‍රියකරයි. නගරයක ජිවත් උනත් ගමටමයි හිත.

?‍♂️ අනුන්ගේ මතයට නොනැමෙයි.තම අභිමතයට වැඩ කරයි.

?‍♂️ පරිත්‍යාගයට වඩා ලබාගැනීමට සූක්ෂම වේ.

?‍♂️ කලාවට නැඹුරුය.කලා විෂයන් වලට ප්‍රියයි.නිර්මාණශීලිත්වය සහිතයි.ඒ පිළිබඳ ප්‍රායෝගික දැණුමක් ඇත.

?‍♂️ යම් කටයුත්තක් කිරීමය පෙර ලස්සනට සැලසුම් කරයි.

?‍♂️ විවාහය බොහෝමයක් අභිමතයට සිදුවේ.

?‍♂️ හැඟීම්බරවීම වැඩි නිසා ප්‍රශ්න ගැටළු ඇතිවන අවස්ථා සිදුවේ.රාගයට නැඹුරුතාවය වැඩිකරයි.

?‍♂️ අපේක්ෂාව ඉටුවන තුරු සටන් කිරීමට අතිදක්ෂය.

?‍♂️ මහ ඉහලින් ලොකු ලොකු වැඩ කිරීමට මිස සරල වැඩ ගනන් නොගනියි. ඉවසීමේ ගුණය අඩුය.

?‍♂️ මුරණ්ඩු ඇට්ටර ගතිය උපරිමයෙන් පවතී.

?‍♂️ පනින්න පෙර සිතා බලන්නාක් මෙන් දුර දැකීමේ නුවණක් ද නැත්තේ නොවේ.

?‍♂️ එක වැඩක් කටන ගමන් තව රාශියක් වැඩ බදාගනියි.

?‍♂️ සාර්ථක විවාහයක් ගතකරන්නට වෙර දරයි.

?‍♂️ නිතර මොන මොනවා හෝ කෑමට හපන්නට ඕනෑ කරයි

?‍♂️ අනුන්ව තමන් යටතට ගෙන කටින් ජය ගන්නට මාන බලයි. ඇණුම් පද කොයන කෙනෙක් නෙවෙයි.

?‍♂️ හරිහම්බ කරන දෙයින් කොටසක් අන් අය වෙනුවෙන් කැපකිරීම ට පරිත්‍යාග කිරිමට සැරසෙයි.පරාර්ථකාමී වේ.

?‍♂️ අවශ්‍යදේ ට වඩා අත්‍යාවශ්‍ය දේ ගැන නිතට සිතා කටයුතු කරයි.

?‍♂️ සමාදානයට වඩා ආත්මාභිමානයෙන් ජිවත් වෙන්නට උත්සාහා දරයි.

?‍♂️ කඩාවඩා ගැනීමට මාන බලන්නේ නෑ.

?‍♂️ අපක්ෂපාතීව යුක්තිසහගත ව ජීවත් වෙයි.


මිථුන ලග්නය

?‍♂️ ඕනෑවටත් වඩා අනුකම්පා සහහත වේ.එසේ වෙමින් සිදුකර ගන්නා පාඩු අලාභ ද නිමක් නැත.

?‍♂️ උඩඟු ස්වභාවයෙන් යුක්තය.තියෙන ලොකුකම අහංකාරකම කියා දොස් ද අහසන්නට ලැබෙයි.

?‍♂️ නිතරම ගන්නා තීරණ වෙනස් කරන අතර ස්ථීර තීරණ ගැනීමට අමාරුවේ.ගත්තාත් දෙගිඩියාවෙන් කල්ගෙවයි.

?‍♂️ ළමාවියේ දී කෙට්ටු වෙමින් කල්‍යත්න තරමක් මහත් ශරීරයකට හිමිකම් කියයි.එය අසාමාන්‍ය ගතියක් ද විය හැකිය.

?‍♂️ පෙන්වන දන්නා දේට වඩා නොදන්නා දේ වැඩි අතර එහෙන් එසේ නොදන්නා බව සඟවා කටයුතු කරයි.

?‍♂️ පටන්ගත් වැඩ අතරමග නවතා දමයි.එකතැනය.වැඩ බදාගෙන කරදරයේ වැටෙයි.

?‍♂️ හිතාමතා සැලසුම් සහගතව වැඩ කරබවා වගේ පෙන්නුවත් නිතර වෙනස් වෙන සැලසුම් වලින් යුක්තය.

?‍♂️ කථාව ලතාවට සිත් ඇදගන්නා සුළුවෙන් කරයි.

?‍♂️ රැකියාවක් කරන ගමන් තවත් රැකියා එකදෙකක් හෝ කීපයක් කරයි.

?‍♂️ ආගමට දහමට නැඹුරුයි.එහෙත් බදාගෙන නොවේ.

?‍♂️ කුතුහලයෙන් පිරි අයවළුන් වේ.

?‍♂️ නිදහස් මතධාරීන් වේ.

?‍♂️ කලින් දැනගෙන නිසිටියත් ඕනෑම වැඩක් කරන්නට උත්සාහා දරයි.

?‍♂️ තැනේ හැටියට ඇණේ ගහගෙන ජාමේ බේරා ගැනීමට දක්ෂයි .

?‍♂️ ලදදෙයීන් සතුටු වන්නට උත්සාහා දරයි.

?‍♂️ වැඩකට යෙදුනොත් මුළු ලෝකයම අමතකය.කෑම වතුර නැතත් ගානක් නැති තරාමට කරන කාර්‍යයට හිත යොදයි.

?‍♂️ තමාගේ වැඩ තමම්ම කරගනීයි.බළළුන් ලවා කොස් ඇට බාවන්නට උපන් දක්ෂයෝය.

?‍♂️ මුදල් වැය කරන තරමට ඵල නොලබයි.ඵලයට වඩා හේතුව ගැන විමසන්නෝය.

?‍♂️ ආවට ගියාට පෙම්හබ වල නොපැටලෙයි.ඇඟිලිපහ බලන්නෝය.හැඟීම් වලට වහල් නොවේ.

?‍♂️ ආත්මාර්ථකාමී සොභාවය ද ඇත.

?‍♂️ හිතවත්කම් පවත්වන්නේ අතේ දුරින්‍ය.

?‍♂️ ව්‍යාපාරික කටයුතු වලට දක්ෂ වුවත් පතපොතේ ලිපිලේඛන වැඩ වලට ඉතා දක්ෂ වේ.

?‍♂️ අනුනට උපදෙස් දීමට සමතුන්‍ ය. තමා පිළිපදින්නේ අඩුවෙන්ය.

?‍♂️ පෝසතුන් වීමට හැකියාව ඇත. මිටමොලවා ගැනීමට මිස මිට දිගෑරීමට හිත් නොදේ.

?‍♂️ පණ්ඩිත සොභාවයෙන් යුක්තය.

?‍♂️ කියවීමට ලිවීමට පතපොතේ වැඩ වලට දක්වන නැඹුරුතාවය නිසා විවාහදිවියේ ගැටළු ඇතිකර ගන්නට හේතු වේ.


කටක ලග්නය

?‍♂️ කාහටත් අවවාද අනුශාසනා දීමට දක්ෂය.

?‍♂️ ස්ථීර ප්‍රථිපත්තියක් නැතුව වැනෙනසුළු අවස්ථා ද නැත්තේ නොවේ.

?‍♂️ චිත්ත ශක්තියෙන් දියුණුය.

?‍♂️ අනුන්ගේ බස් ඇසිම සීමා නොකලොත් පාඩු අලාභ හිත්වේදනා ඇතිකරගෙන කන්ස්සලු වේ.

?‍♂️ ගමනට බිමනට වැඩය කාර්යශුරය.

?‍♂️ ධනසම්පත් ඉපැයීමට දක්ෂයි . තරමක් ලෝබයි.

?‍♂️ නිර්භීතකමත් වගේම ඇතැම් අවස්ථා වල බියගුලු ස්වබාවයක්ද ඇත

?‍♂️ කතාවට දක්ෂයි.

?‍♂️ රණ්ඩුසරුවල් වලටත් ඒවාගෙම දක්ෂයි.එල්ලි එල්ලී රන්ඩු වෙන්න රුසියො.

?‍♂️ නිවසේම මිසක් ඉන් පිට ජිවත් වෙන්න ආසා නැත.පිටක හිටියත් ඉන්නේ සතුටින් නෙවෙයි .

?‍♂️ ඉවසිලිවන්ත නැත.ඉක්මනින් සසල වේ.කලබලකාරීයවේ.

?‍♂️ මාන්නයෙන් කල් ගෙවන්න සිතයි.කිපෙන සුළුයි.

?‍♂️ අරපිරිමැස්ම අතින් ඉතා හොඳයි.

?‍♂️ විශේෂයෙන් නින්දා අපහාස වලට ලක්වේ.ඒත් ඒ කිසිවක් ගණන් නොගනීයි.

?‍♂️ ලොකු ලොකුවට ජිවත් වෙන්නට සිතයි.

?‍♂️ බලාපොරොත්තු ඉක්මනින් කඩා වැටෙයි.

?‍♂️ නිතර අනුකම්පාසහගතවීම ලොකු දුර්වලකමකී.

?‍♂️ තද ඇට්ටර ගතිද යහමින් ඇත. කටකාරකමත් ඒවගේමයි.

?‍♂️ සහෝදරයන්ට හිතවත් නමුදු ඔවුන්ගෙන් ඇපෝපකාර නොලැබෙන තරම්.

?‍♂️ මිතුරන් හිටිහැටියේ සතුරන් එයි.

?‍♂️ ව්‍යාපාරික කටයුතු වලින් බොහෝ විට දියුණු වේ.තමන්ගේම කියලා දෙයක් කරන්න නිතර සිතයි.

?‍♂️ විවාහය තම සිතැඟි විදිහට සිදුවිමට ඉඩක් නොලැබේනම් මං මේ ටිකත් මෙහෙම්මම ඉන්නවා යැයි පවසන තරම් තීරණ ගනී.

?‍♂️ හිතුවාකාරව නිතර නිතර සිතුවිලි වෙනස් වෙයි.

?‍♂️ දුරදිග නොබලා කටයුතු කරන අවස්තා උදාවේ.අන්තිමේ පසුතැවේ.

?‍♂️ ලෙඩට දුකට දුර සිටම බිය වුවත් පිටට නෝපෙන්වයි.බෙහෙත් ගත්තාත් රහසිගතවය.

?‍♂️ විවිධ දුෂ්කරතා වලට නිතර නිතර මුහුණ දෙන්නය සිදුවේ.

?‍♂️ හුදකලාවට , මනෝලෝකවලට හිත්කරයි.

?‍♂️ හිතේ තියාගෙන අවස්තාව එනතුරු මානබලමින් ඉවසිමෙන් ඉඳියි.

?‍♂️ සැඳෑසමය බොහෝ දුරට තනිව හෝ හුදකලාවට අතීශය ප්‍රිය කරයි.


සිංහ ලග්නය

?‍♂️ නායකත්වය ප්‍රධානත්වය පතා කටයුතු කිරීම , පාලන දක්ෂතා නිතැතින් උරුම වීම.

?‍♂️ කොතැන උනත් කැපීපෙනීම සහ කැපී පෙණීමට උත්සාහ දැරීම.

?‍♂️ උඩඟුකම , මහන්තත්තකම , තේජස්ලීලාව, අහංකාරකම

?‍♂️ කථාවත් ක්‍රියාවත් ගොරහැඩි වීම.

?‍♂️ අනෙකාට කුමක් කෙසේ වුවත් කෙලින් මූණට කථාව, අනේක් අය තමාගේ මූණට කෙලින් කතා කරනවාට අකමැති වීම.

?‍♂️ අයුක්තියට එරෙහිවීම.සමාජ සාධාරණත්වය.

?‍♂️ දැඩි ආත්මවිස්වාසය , නැහැ බැහැ නොකීම.

?‍♂️ ලොකූ වැඩ වලට මිස පොඩිවැඩ වලට කැමති නැත. නුරුස්සයි.

?‍♂️ ඕනෑම අභියෝගයක් බාර ගැනීම පස්ස ගැසීමක් නැත.ඉදිරියට මිස පසුපසට නොයෑම.

?‍♂️ කිසිම කෙනෙක් තමංගේ වරදක් පෙන්වා දෙනවාට කැමති නැත. ඒකට මොනා හරි කියලා තමන්ටම දිණුම ගැනීම.

?‍♂️ අනුන්ගේ පිහිට පතා කටයුතු නොකිරීම.

?‍♂️ තමගෙන් වියයුතු යමක් වේද නොපිරිහෙලා ඉටුකිරීම.

?‍♂️ පුංචි තැනක හිටියත් ඉහලට එන්නට වෑයම් කිරීම.දියුණු වෙන්න සෑහෙන්න උනන්දු වීම.

?‍♂️ කාටත් හැකි උපරිමයෙන් අනුන්ගේ තමුන්ගේ නැතුව උදව් උපකාර කිරීම.

?‍♂️ නිසිපිළිවෙලට සැලසුමකට ප්‍රමිතියට වැඩ කිරීම සහ නිමාව වෙනතුරු උත්සාහය අත් නොහැරීම.

?‍♂️ සැරපරුෂ ගතිය සහ අධික කේන්තීයාම.

?‍♂️ කවුරු මොක කීවත් ගත් තීරණය හරි හො වැරදී හෝ වෙනස් නොකිරීම.

?‍♂️ අයුක්තියට එරෙහිව ඕනෑම අයෙකු සමඟ සටන් කිරීම.වාද කිරීම.

?‍♂️ ප්‍රශ්නයක් ගැටළුවක් වූ විට අපක්ෂපාතීව ක්‍රියා කිරීම.යකෙකුටවත් බය නැත.

?‍♂️ ඇතැම්විට කාගෙත් ආදරය ගෞරවය දිනාගැනීම වෙනුවෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම.

?‍♂️ යුක්තිය ඉදිරියේ කාළඟත් හිසනැමුවත් අයුක්තිය ඉදිරියේ රජෙක් ගාවවත් හිස නොනැමීම.

?‍♂️ රාජකාරිය අවංකව කැපවීමෙන් අකුරට ඉටුකිරීම.

?‍♂️ තමන්ට ලැබෙන්න ඇති නිසිතැන් , සම්මාන , පදවී , තානාන්තර වෙනුවට ස්තානමාරු , රැකියා අහිමිවීම් , අස්ථානගත චෝදනා වලට ලක්වීම.

?‍♂️ කරදරයකදී සන්තකයම වියදම් කර හෝ පිහිටවීම.ලේසියෙන් උණු නොවුනත් පිටට නොපෙන්නා සසලවේ.දරාගැනීමේ ශක්තිය උපරිමයෙන් ඇත.

?‍♂️ වයස කුමක් වුවත් තැනේ හැටියට ඇණේ ගසා ජාමේ බේරගෙන නම්බුව රැකගැනීමට උපන්හපන්.

?‍♂️ ඕනෑම තැනක වැඩිහිටියෙකුසේ කතා කරන්න හැකිවීම.

?‍♂️ මැදිවියට එන්නට පෙරම දියුණුවට කටයුතු කිරීම.

?‍♂️ සීමිත මිතුරු ඇසුර සහ මිතුරන් වැඩිකලක් නොසිටීම.

?‍♂️ පළිගැනීමේ චේතනාවක් නොමැති වුවත් මතකේ තබාගෙන රිදවීම.

?‍♂️ තමන්ගේ දක්ෂතා හැකියාවන් නිසා අනුන්ගේ තිරය පිටුපස තරහ කාරයන් ඇතිවීම.සිටිම.

?‍♂️ කිසිවෙකුට යටත් වීමට අකමැති නිසා සාමාන්‍ය සමාජයේ පැවැත්මට බාධා පැමිණේ.

?‍♂️ අන් අයගෙන් වැඩ ගැනීමට ඉතා දක්ෂ වේ.


කන්‍යා ලග්නය

?‍♂️ ආගමට දහමට ලැදි ධාර්මික දිවියකට රුවිකත්වයක් දක්වයි.

?‍♂️ ජිවිතය හරි ගුප්තයි.තේරුම් ගැනීමට අමාරුයි.නිහඬයි.

?‍♂️ අවංක ගතිපැවතුම් සහිතයි.එය ආභරණයක් කර ගනීයි.

?‍♂️ අනුන්ගේ අඩුපාඩු සොයන ගතියක් ද ඇත.එය තමන් ගැන අන් අය අතරේ අප්‍රසාදයකට හේතු වේ.

?‍♂️ කතාව නිරවුල්ව කරයි.වටහා ගන්නේ අඩුවෙන්‍ ය. එනිසාම ආරවුල් ද ඇතිකර ගනීයි.

?‍♂️ අනවශ්‍ය කලබලය නිසාම ප්‍රශ්න ඇතිකර ගනී.

?‍♂️ අමතක වීම ද හොඳ හැටි ඇත. ඕන්නැති දේමතක තියාගනී.

?‍♂️ කාර්‍යශූරව කටයුතු කරනවා සේම අලස ගතියද එලෙසම ඇත.

?‍♂️ අධ්‍යාපන කටයුතු වලට මෙන්ම සහජ කුසලතා වකට ද ඉතා දක්ෂයි.

?‍♂️ ආත්මර්ථකාමී වීම දුර්වලකමකී.

?‍♂️ ඕනෑ දෙයක් ඕනෑවට වඩාහිතට ගනී. වටහාලා දීම අපහසුයි.

?‍♂️ යමක් දුන්නොත් දෙන්නේ තමාට එපා වූ දෙයකී.හිතුනොත් බත් පත හරි දෙනතරමට පරිත්‍යාග්ශිලී වේ.හැබැයි ඒ කලතුරකිනී.

?‍♂️ ඉදිරියට යෑම වෙනුවට කුලෑටි ග්ස්තියෙන් මුළුගැන්සෙයි. නායකත්වයට ආසා නැති තරම්.

?‍♂️ තමාගේ වාසියට කටයුතු කිරීම ට දක්ෂයි.

?‍♂️ රසට කෑමට බීමට කැමතියි.ඒ නිසම විවිධ රෝගත් නිතරම හටගනීයි.

?‍♂️ අසනීප වලට දුර තියාම බිය වෙයි.

?‍♂️ අනාවබෝධය නිසා ජිවිතයේ වරද්දන්න අවස්ත වැඩියි.අහිමිකරගන්නා දේ බොහෝය.

?‍♂️ වියහියදම් වලදී බොහෝ අරපිරිමැස්මෙන් කටයුතු කරයි.

?‍♂️ යුග දිවිය අවුල් නොකරගෙන කටයුතු කරයි. අනවශ්‍ය කලබලය නිස ප්‍රශ්න සාදා ගනී.

?‍♂️ කතා කරන්න ගත්තොත් අල්ගියමුලගිය ආගිය තැන් ඔක්කොම ගැන කතා කරයි.

?‍♂️ තමන්ගේ සුළු දේ උනත් උජාරුවෙන් කතා කරයි.

?‍♂️ තමන්ට පවරන දේ අන් අයගේ පිට පටවා ඇඟ බේරගන්නා අවස්තා ද නැතුවාම නෙවෙයි

?‍♂️ වගකීම් දැරීමට අකමැතිය.ප්‍රශ්ණ වලින් ලිස්ස යෑමට උත්සාහ කරයි.

?‍♂️ කන්‍යා ලග්න හිමී කාන්තාවන් ගෙදර දොරේ සියලු කටයුතු සැමියාගෙන් ඉටුවන තුරු බලාසිටින සොභාවයක් ඇත.

?‍♂️ වගකිමක් බාර දුන්නොත් පිටුපසින් සිටිය යුතුය.

?‍♂️ අනුන්ගෙන් උපදෙස් ලබාගැනීමට අකමැතී ඇට්ටර ගතිය ඉහලින් ඇත.

?‍♂️ තමන්ට කොපමණ තිබුනත් අනුන් ඉදිරියේ සියල්ල සඟවාගෙන කට්‍යුතු කරයි.

?‍♂️ ආත්මශක්තිය යම් අඩුකමක් නිසා දියුණුව ප්‍රමාදයි.

?‍♂️ පොඩි පොඩි දේ ට උනත් අනවශ්‍ය ලෙස ලොකුවට සිතා ඇඟිලි ගැසීම නිසා දොස් අසයි.ලොකුම දුර්වලතාවය ද එයයි.

?‍♂️ මුලදී තිබූ උනන්දුව අවසානය තෙක් නොමැතිවීම නිසා සෑම වඩක්ම අතරමග නවතී.

?‍♂️ අහිංසකකම පෙනුමෙන් තිබුනත් දුෂ්ට ගතියක් සඟවී ඇත.ආකර්ෂණය වැඩියි.


තුලා ලග්නය

?‍♂️ උපේක්ණාවෙන් කරුණාවෙන් යුතුව කල්ගෙවයි.

?‍♂️ අකුරට තිතට නීතියට වැඩ.

?‍♂️ කලාව කෙරෙහි ඇති දැඩි නැඹුරුව නිසාම විනෝදයෙන් කල්ගෙවයි.

?‍♂️ සැප දුක සමබරව ගෙවයි.

?‍♂️ ගීතයට කවියට නැටුමට ගැයුමට සහජ කුසලතා බොහෝමයකින් සපිරුණු අයවේ.

?‍♂️ අනුන්ගේ යහපතට කැමතියි.

?‍♂️ කෙන්තියෑම පාලනය කරන්න දක්ෂයි.

?‍♂️ පොදුජන සේවය සඳහා කැපවෙයි.කාගෙත් දියුණුවට කැපවෙයි.

?‍♂️ තරමක් ලෝබකමක්ද ඇතත් අරපිරිමැස්මට නැඹුරු වේ.

?‍♂️ ආගමදහමට භක්තියෙන් පින්කම් කරයි.

?‍♂️ රසවත් හරවත් කථිකත්වය ඉහලින්ම කැපී පෙනෙයි.

?‍♂️ දුරදක්නා නුවණකින් යුක්ත යි.ක්ෂණික ව පියවර කීපයක් සිතන්න දක්ෂයි.

?‍♂️ ව්‍යාපරික ක්ශ්‍යේත්‍රයේ ජයගන්නෝ වෙති.

?‍♂️ ඕනැම දෙයක් රසවත් කර සිත් ඇදගන්නා සුළු විදිහය විකුනන්නට දෙන්නට් දක්ෂයි.

?‍♂️ අපක්ෂපාතිව් යුක්තිය විසඳීමට දක්ෂයි. කථික විවාද තරඟ වලින් ජය ලබයි.

?‍♂️ කාගෙත් හිත් දිනාගෙන වැඩ කරන්නට දක්ෂයි.ආකර්ෂණය උපරිමයෙන් ඇත.

?‍♂️ කොච්චර තරහ ගියත් එය සඟවා සිනාසීමට සමතුන්ය.

?‍♂️ තමංගේ ප්‍රශ්න ගැටළු වලදි චංචල වුවත් අනුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නට ශූරයි.

?‍♂️ මනුෂත්වයට ගරුකරමින් තීන්දුතීරණ ගනියි.

?‍♂️ නිතර ප්‍රීතියෙන් සතුටින් සිටියි.ඇතැම්විට දියුණුව ද ඒ නිසා අඩුවුවත් ක්ෂණිකව ආයේ නැගිටීමට නාඩිය ඇත.

?‍♂️ කුමන ක්ශේස්ත්‍රයකින් හෝ ජනප්‍රිය වෙයි.

?‍♂️ ආලයට ප්‍රේමයට කප්පිත්තෝ.ඉක්මන් විවාහවීම් ද දක්නට ලැබෙයි.අමාරුවෙද වැටෙන අවස්තා බහුලයි.

?‍♂️ නම්බුව ආරක්ෂාකරහෙන කටයුතු කරයි.කරන කියන දෙයක් වසංවෙලා කරන්න කියන්න උත්සාහ කරයි.

?‍♂️ සහයෝගයෙන් කටයුතු කරන්නට පුලුවන් .

?‍♂️ ලද දෙයින් සතුටු වෙන්නට පුලුවන් .

?‍♂️ අනවශ්‍ය ලෙස ප්‍රීතීවීමේ විපාක පසුකාලීනව විඳියි.ඒත් හැදෙන අය නෙවෙයි.

?‍♂️ ලස්සනට අඳින්න පළඳින්න ආසා කරයි.නිතර මල්සරගේ ඇල්ම බැල්මට ලක්වෙයි.

?‍♂️ කොතන ගියත් කැපීපෙනීමට ලක්වෙයි. වෘශ්චික ලග්නය

?‍♂️ ගුරූ උපදේශයකින් තොරව දුටු වැඩක් සාර්ථක අන්දමින් කර ගැනීමට හැකියාවක් ඇත.

?‍♂️ හැම වැඩක්ම කඩිසරව දක්ෂව නිර්මාණශීලීව සිදුකිරීමේ හැකියාව පවතී.

?‍♂️ අත ඉතිරි කිරීමට වඩා වියහියදම් කිරීම අතින් නම් අඩුවක් නැත.

?‍♂️ මිතුරන්ගෙන් නම් අඩුවක් නැත.නමුත් කෙයයුතුදේ දිග පලල නොබලා මූණට කියන නිසා සිටින මිතුරන් ඈත් විමද සිදුවේ .

?‍♂️ වරෙක සන්සුන්‍ ය. විටෙක ඇට්ටර දඩබ්බරය.හිතුවක්කාර ගතිය නිරතුරු ඉස්මතු වේ.

?‍♂️ ආගිය තැන කැපී පෙනෙයි.

?‍♂️ කේන්ති ගිය විට බිහිසුනුය. ක්ෂණයෙන් පහවයයි.

?‍♂️ ඥාණවන්තකම උපතින් ගෙනාවත් දන්නව වැඩිකම නිසා මෝඩවැඩ කරයි. මෝඩ තීරණ ගනියි.

?‍♂️ චිත්ත ධෛර්යයෙන් යුක්තය.

?‍♂️ තරමක ආඩම්බරයක් සහ නාහෙට නාහන ගතියක් තිබේ.

?‍♂️ නොයෙකුත් විෂයයන් කෙරෙහි ප්‍රායෝගික දැණුමක් ලබා ගැණීමට පර්‍යේෂණ කිරීමට කැමතියි.ඒ වෙනුවෙන් වියහියදම් කිරිමට අසිමිත කැමැත්තක් ඇත.

?‍♂️ ධනය පොදිබැඳ තබාගැනීමට අදහසක් නැත.

?‍♂️ සම්මතයෙන් පිට විසඳුමක් නොමැති නොයෙකුත් ප්‍රශ්න ගැටලු හිතට එයි.

?‍♂️ කවුරු කීවත් තමාට නොගැලපේ යැයි සිතුනොත් කිසිවක් නොකරයි.

?‍♂️ හැමදෙයක් ගැනම තමන්ට අවබෝධය ක් ඇතයි සිතන නිසා ඇතැම් කටයුතු අනාගනී.කල්දමයි.

?‍♂️ කිසිවෙකුට හිස නැමීමට කැමති නැත. කුඩුකේඩුකම් වලින් යුක්තයි.

?‍♂️ ජයග්‍රහණය ලබනා තුරු පසුබට නොවේ.ඉදිරියටම කාගෙන යයි.

?‍♂️ සුළු රැකියාවකින් තෘප්තිමත් නොවෙයි.

?‍♂️ සමාජයේ වැදගත් පිළිගත් යැයි සිතන රැකියා කෙරෙහි උනන්දු වෙයි.

?‍♂️ අනුන් හෙලා දකීමට දක්ෂයි.කෙනෙක් ඇගයීමට කැමති නැත.කරත් නොකර බැරිකමට කරයි .

?‍♂️ ආගමට දහමට ලොකු නැඹුරුවක් නැත.අධාර්මික නොවෙයි.නමුත් සැකසංක බහුලයි.විස්වාසය අඩුය.

?‍♂️ අන්තීම මොහොතේ බොහෝ වැඩ කටයුතු කරන්නට සූදානම් වේ. මට ඕනෑවෙලාවට මං කරන්නම්.වෙලාවට තිබුනොත් හරි නේ.. යැයි නිතර කියයි.

?‍♂️තමා නොදන්නා දෙයක් නැතැයි සිතා කටයුතු කරයි.

?‍♂️ වහා කිපෙන සුළුය.ඇසුරු කිරීම ලේසී නැත.

?‍♂️ තම අභිමතයම ක්‍රියාත්මක කිරීමට යෑම නිසා බොහෝ තැන්වල කටයුතු අවුල්සහගතය.

?‍♂️ ආදරණීයයි.නමුත් ආඩම්බරකමෙන් සිටියි.

?‍♂️ ඇඬුවත් ප්‍රසිද්දියේ නොවේ.වැඩියෙන් ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ නිදන කොට්ටය සමඟින්ය.

?‍♂️ දුක්වේදනා දටාගැනීමට අතීදක්ෂයි.

?‍♂️ උඩුගම්බලා යන අදහස් වලින් වලින් යුක්තයි.එනිසා කතාකර දින්නනට පහසු නැත.පරාජය පිළිගැනීමට සූදානමක් නොමැත.

?‍♂️ හිතේ තිබෙන්නේ මං පාඩුවේ ජිවත් වෙන්නේ මට කරදරයක් කරන්න එපා.මට මගේ පාඩුවේ ඉන්න දෙන්න . එසේ නොවුනහිත් එතැනින් ඉවත් වෙයි.


ධනු ලග්නය

?‍♂️ අධිෂ්ඨානශීලීව කටයුත කරන මොවුන් දැඩිව ගත් තිරණ කිසිසේත් වෙනස් නොකරයි.

?‍♂️ යුක්තිගරුක වන අතර අසාධාරණය ට එරෙහිව ක්‍රියාත්මවී කලහාකාරි වේ.උහුලන්නේ නැත.

?‍♂️ අන් කාටත් අලුත් යැයි සිතෙන කිසිම දෙයක් මොවුන්ට අලුත් දෙයක් නොවේ. විශේෂයක් නොමැත.සමාජය ගැන බොහො දැනුවත්ය.

?‍♂️ ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු ඈත දුර පළාත් වලට ඇවිදීමට සංචාරයට ප්‍රිය කරයි.

?‍♂️ දෙබිඩි පිලිවෙත් අනුගමනය කිරීම නිසා අප්‍රසාදය මෙන්ම ගැටළු පවා ඇතිකර ගනී.

?‍♂️ අනිකම්පා සහගතය.ඉක්මනින් උණුවීමක් ද දක්නට ලැබේ.

?‍♂️ සැකය සහ අවිස්වාසය ජිවන ගමන පසු පසට දමන අවස්ථා උදාකරයි.

?‍♂️ යම් කටයුත්තක් බාර ගනීද නොපිරිහෙලා එය නිමකරන තුරු දැඩි කලබලකාරී වේ .

?‍♂️ තමන්ට අයිති නැති වැඩවලට ඇඟිලි නොගහ සිටියි.

?‍♂️ අනුකම්පාව වැඩි නිසා අනුන්ගේ මායම් වලට හසුව පීඩා විඳියි. චරිතයට ද කැළැල් ඇතිකර ගන්නා අවස්ථා උදාකර ගනී.

?‍♂️ පවරන රාජකාරිය මනාව ඉටුකරයි.ඉහල නිළධාරීන්ට හො පාලකයන්ට අවනතය. ගරුසරුය.

?‍♂️ පිනට දහමට නැඹුරු වේ. කරපින්නාගෙන නොවේ.

?‍♂️ නිහතමානීව නිදහස් ලෙස ජීවත්වීමට උත්සාහා දරයි.සත්‍යවදීය.

?‍♂️ දඩබ්බරකම වගේම සන්සුන්කමත් එක සමානය. ආඩම්බරකාර කමක් ද ඇත.

?‍♂️ පොතපත කියවීමට ලොකු ඇල්මක් කැමැත්තක් දක්වයි.

?‍♂️ හිතවත්කම් අතේ දුරට සීරුවට තබාගෙන ඥාති මිත්‍රාදීන් ඇසුරු කරයි.

?‍♂️ විවාහ දිවිය විහින් කඩාකප්පල් කර ගැනීමට කටයුතු කර ගනියි.තේරුම් ගන්නේ වියයුතු දේ වී හමාර වූ විටය.

?‍♂️ ලෙඩදුක් කරදර වලට කල් යල් බලාම සුදානම් වේ.නිතර හිස කැක්කුමක් ඇතිවේ.

?‍♂️ අපේක්ෂා ඉටුකර ගැනීම ට සෑහෙන්න උත්සාහා දරයි.

?‍♂️ අනුන්ගේ හිත් නොරිදවා ඇසුරු කිරීමට දක්ෂයි.

?‍♂️ කේලම් ඕපාදූප රුස්සන්නේ නැත. එවැන්නන්ට දොර වසයි.

?‍♂️ උපායශීලිව කටයුතුකරයි.එය කපටි කමක් ලෙස අන් අය සිතයි.

?‍♂️ අනුනට උපදෙස් අවවාද අනුසාශනා දීමට සමතුන්ය.

?‍♂️ අවිහිංසාවාදීය. දුකටපත් කාටත් පිහිටවන කාරුණික හදවතක් ඇත.

?‍♂️ ඕනෑවට වඩා සැකය අවිස්වාසය අනුකම්පාව පාඩු අලාභ හිත්වේදනා ඇතිකරන්නට හේතුවේ.


මකර ලග්නය

?‍♂️ කිසිවෙකුට රැවටීමට නම් ලේසි පහසු නැත.ඒ තරම් සමාජ අද්දැකීම් බහුලය.

?‍♂️ අනුන් ගැන තැකීම සීමාසහිතයි.හැමවිටම තමා ගැන සිතමින් දැඩිසේ ආත්මාර්ථකාමී ස්වභවයක් පෙන්නුම් කරයි.

?‍♂️ මුදල් ඉපයිම අතින් හරි දක්ෂය.දියුණුවීමේ මාර්ග නිතර මනසේ වැඩ කරයි.

?‍♂️ යුක්තිය අයුක්තිය නොතකයි. සාධාරණ තීන්දු දීමට අපක්ෂපාතීව ක්‍රියා කරයි.

?‍♂️ දේපොළ වස්තුව කෙරෙහි දැඩි ඇල්මක් තන්හාවක් ද ඇත. ඇතැම් අවස්තාවල මේ කිසිදෙකින් මට වැඩක් නෑතැයි කියනු ඇතත් යටි හිතේ එවැනි අදහසක් නැත.

?‍♂️ හොද සිහි කල්පනාවෙන් වැඩ කරයි. කාර්‍යශූරව වැඩ කරයි. දස්ටිදිස්ටියෙන් ඕනෑම දේකදි ක්‍රියා කරයි.

?‍♂️ හරිහම්බකිරීමේ දී මැරීගෙන කටයුතු කරයි.

?‍♂️ අනුනට යමක් දීමට සිත්පහල වන්නේ කලාතුරකිනී.ඒකත් හතර කොණම බලයි.

?‍♂️ මෙලෙව දියුණුව ගැන සිතා කටයුතු කරනවා මිස පරලොවක් ගැන වැඩි සිතක් නොමැත.

?‍♂️ ඇතැම් අවස්තා වල ගොඩක් හිතලමතලා කල්පනා කරලා උපදෙස් අරගෙන මෝඩ විදිහට ක්‍රියා කරන අවස්ථා දක්නට ලැබෙනු ඇත.

?‍♂️ බාදක කරදර නොතකයි. ඒව ආශිර්වාදයක් කරගෙන තමන්ගේ වැඩ කිරීමට දක්ෂයි . තම වාසියට ඒ සියල්ල හරවා ගැනීමට තරම් සූක්ෂමයි.

?‍♂️ කම්මැලි නැත. නිකරුනේ කාලය ගත නොකරයි.හැම මොහොතකම වෙහෙසි ස්වකීය යහපත උදෙසා වෙහෙස මහන්සි වෙයි.

?‍♂️ වියදම් කරන්නට පෙර ඒ වියදමෙන් තමන්ට ලැබෙන වාසි ලාභ මොනවදැයි කල්පනා කරයි.

?‍♂️ අනුන්ගෙන් උදව් බලාපොරොත්තු වේ.එහෙත් අනුනට උදව් කිරීමේදී දෙවරක් සිතයි.

?‍♂️ යහළු මිත්‍රයන් අඩුය.ලැබෙන්න ලැබෙන්න තව තවත් ඉස්සරහට යයි.අවාසිය දුටුතැන ලිස්සා යයි. කථාවේ දක්ෂය.තරමක් මාන්නාදිකව කතා කරයි.උසස් සිතුවිලි සහ හරබරගතිය අඩුයි.

?‍♂️ වෙළඳ ව්‍යාපාරික කටයුතු වලට දක්ෂ වගේම නිතර හිතේ තියෙන්නෙත් එවැනි දේවල්‍ ය. කුනුකොල්ලෙට ගෙන ගිණී ගානට විකුනන්න හපන්නූ.

?‍♂️ පරාජයට කැමති නැත. කළගුණ ද තරමක් අඩුය.කෛරාටික ගතිය ඉස්මතු වෙයි. ?අනුන්ගේ සුළු සුළු අඩුපාඩු වුවත් මහත් කොට තකයි.

?‍♂️ මාපිය නෑදෑ හිතවතුන් කෙරෙහි එතරම් තැකීමක් නැත.ලොකු ලෙන්ගතුකමක් නොමැත. අත් හැර දැමීම නොවේ.

?‍♂️ වෙන කෙනෙකුට ලැබීමට තිබෙන යමක් කෙසේ හෝ තමා සතු කර ගැනීමට මාන බලයි. වැලැක්වීමට සැහෙන දහන්ගැට ගසයි.

?‍♂️ කොච්චර තිබුනත් කොච්චර ලැබුනත් සෑහීමකටපත් නොවේ. තෘප්තියක් නොලබයි.මඩිය තරකර ගැනීම මූලික අරමුණයි.

?‍♂️ බුද්ධිය ඇත.නමුත් එය අන් යහපතට නොයොදවයි.තම අර්ථලාභය ට යොදවයි.

?‍♂️ එකම අරමුණ බදා ගැනීම මිස බෙදාගැනීම නොවෙයි.

?‍♂️ දියුණුව තත්වය බලය ගැනම මිස තමන්ගේ අනෙක් කාරනා ගැන සිතා කටයුතු නොකරයි.වයස් ගත වන විට වැටහේ.

?‍♂️ පිංදහම් වලට යොමු නොවිමේ විපාක හිත්වේදනා පසුතැවිලී වීම වයසට යෑමේදී සිහිවේ.


කුම්භ ලග්නය

?‍♂️ තමන් සන්තකව වු යම් දෙයක් වේද ඒ සියල්ල වියහියදම් කරමින් හෝ නැතිබැරි දුප්පත් අයට උදව් කිරීමට තරම් කාරුණික හදවතක් ඇත.

?‍♂️ ලෝභකම මසුරුකම නොව පරිත්‍යාගයට ගරුකරයි.

?‍♂️ එඩිතර ගතියක් තිබුන ද කරන තරමට ප්‍රථිඵල නොලබයි.

?‍♂️ ආගම දහමට ලැදිය. නමුත් එය පිටින් පෙන්වන තරමටම නොවේ.

?‍♂️ අලස ගතියක් ද ඇත.එය මැඩගෙන කටයුතු කරන්න ට නොසැහෙන්න උත්සාහා දරයි.

?‍♂️ එක් කටයුත්තක් කරන ගමන්තවත් කටයුත්තක් කරන්නට පටන් ගනියි. ?කවියට ගීතයට කාලාවට ලැදිය. කලාකාමී රසයෙන් යුක්තය . ?හුදකලාවට බොහෝ සෙයින් ප්‍රියකරයි. අන් කිසිවෙකුටක් කරදරයක් නැතුව ජිවත් වෙන්න සිතයි. ?තරමක් දුරට කාමුක ගති පැවතුම් ද සහිත වේ. ?මනා ධාරණ ශක්තියෙන් යුක්තය.පත පොත පත්තර ආදිය කියවිමට ද රුචිකත්වය ක් දක්වයි. ?ළගන්නා අයුරින් මනා කථිකත්වයක් සහිත වාග්විලාශයක් ඇත ?අන් කාටත් අවවාද අනුශාසනා හොඳ නරක කියාදීමට දක්ෂයි. ?කෛරාටික මොලයක් ඇත.යමක් ලබා ගැනීමට ඕනෑ නම් හැකි සැම උප්පරවැට්ටියක් ම දායි. ?ගුප්ත ශාස්ත්‍රය ඉගනීමට මෙන්ම නිරතවීමට ද කැමතිය.එවැනි දේවල් සොයා ඇවිදින්නට පවා සිත් දේ.වියදම් ද නොසලකා ඒවැනිදේ ට කැපවෙයි . ?ධනය වස්තුව සොයා කාලය කැප නොකර ලද දෙයින් සතුටු වීමට සෑහීමට කල්පනා කරයි. ?බලය සඳහා ඉදිරියට යන ගතියට වඩා පසුපසින් සිට කටයුතු කිරීමට කැමතිය. ?ඉවසන විට උපරිමයෙන් ද තරහා ගියවිට යක්ෂාවේශ වෙන ගතියක් ඇත. ?අනුන්ගෙන් ලබන්න ට ගැනීමට නොව තමන්ගෙන් දෙන්නට දෑත් දිගුවේ. ?ඉහලටම අධ්‍යාපනය ක් නොලද ඇත්තෙක් වුවත් සැම විෂය පරාසයක් ගැනම සහජ දැනුමක් තේරුමක් සහිතව කතාබහ කරයි. ?ලොකුවට පිම්බී සිටිනවාට වඩා පොඩි මිනිසෙකු ලෙස චාම්ව සිටීම යහපත් කොට තකයි. ?අනුන්ගෙ විපත් කරදර කිසිවක් තම සැපතට වාසියට හරවගැනීමට සිත් පහල නොවෙයි. ?ප්‍රසිද්ධියට ජනප්‍රියත්වයට කැමති වුවත් ඒ පිටුපස හඹා නොයයි.ලැබෙන දේත් අත් හරියි. ?සමාජ සේවයට කැපවෙයි.ඒ ඒ අංශවලට සියලු කැපකිරිම් කරන නිසා තාන්න මාන්න තනතුරු පවා හිමිවේ. ?හැම දෙයක් කෙරෙහිම සැකයක් ඇතිකරගන්නා අවස්තා ද නැතුවාන නොවේ. ?කොපමණ දැණුමක් අධ්‍යාපනය ක් තිබුනත් මිනිස්සු එකවර හඳුනා ගැනීමට ඉවක් මෙන් ඥාණය අඩුවීම නිසා ඇතැම් විට කැළැල් ඇතිකර ගනියි. ?පසුතැවිලි වීම් හිත් උනුවීම් නිසා තව තවත් හිත්වේදනා ඇතිකර ගනියි. ?වයසගත වීමත් සමග හුදකලාව බණභාවනාදියට හිත් යොමුවේ. ?හිත ඇතුලෙන් ආත්මාර්ථකාමී ස්වභවයක් පෙන්නුම් කරයි. ලෙහෙසියෙන් තේරුම් ගැනීමට අපහසු චරිතයකි. ?නිතර සතුරු කරදර ඇතිවේ පසමිතුරන් වන්නේ තමන් ගෙන් උපරිමයෙන් උදව්පදව් ගත් එකට ගොඩක් ළඟින් සිටින්නෝම විම පුදුම වන්නට කරුණක් නොවේ. මීන ලග්නය ?අනුකම්පා සහගතව කටයුතු කරමින් නිතර උණුවන හදවතක් ඇති අසීමිත මනුස්සකම් පිරි ගුණයහපත් අයෙකි. ?එදිරිවාදීන්ට පවා මෛත්‍රිය කරුණාව දැක්වයි. ?අනුකම්පාව සහ වැඩි කරුණා මෛත්‍රීය පාඩු අලාභ හිත්වේදනා උපරිමයෙන් ඇතිකර ගනී. එසේ වුවත් සුලු මොහොතකින් අමතක වෙයි. ?කාලාකාමී අයයි.නිකං හිටියත් පුටුවට මේසයට හරි තට්ටුවක් දායි.ඒතරම් රසකාමිවේ. ?සාමකාමිව පාඩුවේ ජිවත් වීමට උත්සහා දරයි.නිසංසල ජිවිතයකට මනාපයි. ?අන්‍යන්ගෙන් නිතර බාධා හිරිහැර පැමිණෙයි. ?කලබල නැත.නිහඬයි.අවශ්‍ය දේ මිස අනවශ්‍ය ලෙස දොඩමලු වීමට නොයයි. ?ඇඟ වෙහෙසන වැඩ වලට කැමති නැත.එවැනි වැඩක් ඇත්නම් මොලේ වෙහෙසා සරලව කිරීමට ක්‍රමයක් යොදාගනී. ?දියුණු වීමට කැමත්ත තිබුනත් ක්‍රියාත්මක වීම අඩුයි.සහයෝගය අඩුයි. ?කරන කියන බොහෝ දේ තනියෙන් හිතමතා තීන්දු තීරණ ගනීයි.කලඑලි නොබැස කරයි. ?අප්‍රකට ධර්මික කටයුතු කරයි. ආගමික කටයුතු වලට ඇති නැඹුරුව අධික වී ම ලෞකික දියුණුවට බාධාවක් කරගනී. ?ප්‍රෙමාන්විත ශෘංගාරාත්මක හැගීම් උපරිමයෙන් තිබුනත් එළිකරන්න බියක් කුලෑටීකමක් දක්වයි. ?අනුනට හිංසාවක් වෙන කිසිවකට අත නොගසයි.උපරිමයෙන් ඉවසයි.කේන්තිගිය විට ඉතා දරුණු වේ.එසේ වන්නේ ජිවිත කාලෙටම වරක් දෙවරකි. ?සමාජ සේවා වල නිරත වේ එහෙත් පැල් බැඳගෙන නෙවෙයි. ?රැකියාවක් කලත් උසස්වීම් ආදිය පතා කටයුතු නොකරයි. නමුත් වසනාව තමා කරා පැමිණෙයි . ?ආකර්ෂණීය ලෙස හිනාව කතාව ගමන බිමන ඇත. ?තමන් අනුනට කොපමණ පිහිට වුවත් තමන්ගේ පිහිටට ඉන්නේ නොසිතූ කෙනෙකී.පිහිටට සුළු යාලුවන් පිරිසක් සිටි.. ?වැඩකට යෙදුනොත් කෑම බීම ගැනවත් නොතකා වැඩ කරයි. ?බොහොදෙනා අතර කතා බහට ලක්වෙයි. ප්‍රසිද්ධියට පත් වෙයි. ?කාගෙවත් හිත රිදවීමට කැමති නැත. ?ඉක්මනින් හිත කඩා වැටෙයි.කලකිරිම් ඇතිකර ගනී. ?යමෙකු ලේසියෙන් අත් නොහරියි.අත් හැරියොත් යළි කිසිවලට ළං කර නොගනී ?වාසනා ගුණය නිතර කැරෙකෙන අතර අන් අයගෙන් හිමිකම් ඇතිවේ. ?පොඩි දේටත් හිත රිදවාගෙන පසුතැවේ. ?නිදහස් සාමකාමී අදහස් ඇත. අන් අයගේ බස් වලට තීරණ වෙනස් කරන්නට යෑමෙන් විපත් ඇතිකරගනී. ?පිළිවෙලට තිතට වැඩ කලයුතුය. එසේ නොවුනොත් එකතු නොවී තනියෙන්ම කරයි. ?වගකීමක් බාරගත්තොත් ඉටුකරන තුරු නින්ද නොයයි. තමා ගැන තබ තියෙන විස්වාසය බිඳෙන ලෙස කටයුතු කරන්නට කැමති නැත.