Facebook Account එකේ සහ Business Page එකේ ආරක්ෂාව තර කරන හැටි.

Facebook Sri Lanka
By Wayomi Jun 25, 2022 09:11 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

දැන් කාලේ Facebook Account නැති කෙනක් හොයාගන්න නැති තරම්. හිච්චි බිච්චි කොල්ලගේ ඉඳන් අල්ලපු ගෙදර සීයාට, ආච්චිටත් Facebook Account එකක් තියෙනවා. හැබැයි Facebook Account එකක් තියෙන ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි තම Account එක lock වීම සහ hack වීම. වැඩිපුරම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ සමාජය සමඟ වැඩිපුර ගැටෙන පුද්ගලයින්ට. ඒ නිසා ඔබේ Facebook Account එකට කාටවත් රිංගන්න බැරිවෙන්න සහ අනවශ්‍ය විදිහට lock කරගන්නේ නැතුව maintain කරන විදිහ ගැනයි මේ කියන්න යන්නේ.

🔵 කිසිම වෙලාවක ඔබේ Facebook Account එකට සරල එහෙමත් නැත්නම් ඔබට ලේසියෙන් මතක හිටින password එකක් දාන්න එපා. අඩුම ඔබටවත් මතක හිටින්නේ නැති ශක්තිමත්, strong password එකක් දාන්න. ඒක අංක, අකුරු, සංකේත වල එකතුවක් විය යුතුයි. ඒ වගේම එම password එක අමතක වෙන්න ඉඩ තිබෙන නිසා වෙනත් අයෙකුට ඇස නොගැටෙන ලෙස password එක ලියලා තියාගන්න.

🔵 ඒ වගේම ඔබේ Facebook Account එකේ Secure ගිහින් password එකට අමතරව ඔබට පුළුවන් two-factor authentication active කරන්න. එතකොට ඔබේ mobile එකෙන් ඇරෙන්න වෙනත් device එකකින් එකකින් ඔබ හෝ වෙනත් අයෙක් log වෙන්න උත්සහ කරනවා නම් ඔබේ mail එකට හෝ phone එකට SMS alert එකක් සමඟ code එකක් එනවා. ඒ code එක දෙන්නේ නැතිව වෙනත් device එකකින් ඔබේ Facebook Account එකට කාටවත් ලොග් වෙන්න බැහැ.

🔵 කවදාවත් තමන්ගේ lap එකෙන්, desktop එකෙන් හෝ mobile phone එකෙන් ඇරෙන්න වෙනත් අයෙකුගේ හෝ නොදන්න වෙනත් device එකකින්, උපාංගයකින් තමන්ගේ Facebook Account එකට log වෙන්න යන්න එපා.

🔵 ඔබව blackmail කරලා හෝ, joke එකක් විදිහට හෝ තර්ජනය කරලා හෝ වෙනත් රැවටිලිකාර වචන වලින් ඔබව රවටා ඔබ විවිධ links ඔබේ inbox එකට හෝ mail ඇවිත් තියෙන්න පුළුවන්. නිමටවත් ඒවා click කරන්න යන්න එපා. මොකද එමඟින් Facebook Account එක hack වෙන්න හෝ block වෙන්න පුළුවන්. නොදන්න දේවල් click නොකර සිටීම ඇඟට ගුණයි.

🔵 Public Wi-Fi වලින් connect වෙලා ඔබේ Facebook Account එක ලොග් වෙන්න එපා. ඒකෙන් ඔබේ mobile data ඉතිරි කරගන්න පුළුවන් වුණාට ටිකක් භයානක වැඩක්. මොකද Public Wi-F වලින් පුළුවන් ඕනෑම කෙනෙක්ට ඔබේ device එකට රිංගන්න. ඒ කියන්නේ mobile එක හෝ lap එක. ඕනම නම් හොඳ VPN app එකකින් Public Wi-F log වෙලා internet යන්න.

🔵 ඒ වගේම ඔබ නොදන්නා මිතුරන්ගේ සහ fake කියලා හිතෙන සහ සැක සහිත friend requests accept කරන්න යන්න එපා.

🔵 එමෙන්ම ඔබ share කරන හෝ upload කරන ඇතැම් post ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. මොකද සමහර නම්, ගම්, විස්තර , photos සහ videos තියෙනවා ඒවා share කිරීමෙන් හෝ upload කළොත් ඔබේ Facebook Account එක lock වෙන block වෙන සහ report වදින. ඒ නිසා පොස්ට් එකක් share කිරීම සහ upload කිරීමට පෙර හොඳින් සිතා බලන්න. සාමාන්‍යයෙන් Facebook ඇතුළු සමාජ මාධ්‍ය තුළ ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය, අසභ්‍ය වචන, ත්‍රස්තවාදීත්වය, වෛරීය සහ අසත්‍ය තොරතුරු ආදී දේවල් share සහ upload කිරීම තහනම්.

🔵 ඔබ Facebook Account එකෙන් Business Page එකක් create කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම Facebook Account එක පරිස්සම් කරගන්න ඕන. ඒ වගේම එම page එකේ Secure එකත් තර කරන්න සහ විශ්වාසවන්ත අයට පමණක් admin සහ editor දෙන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW