කොකේන් තොගයක් සමග තරුණියක් කටුනායකදී කොටු වෙයි

By Sithumi Oct 18, 2022 01:46 PM GMT
Report

රුපියල් මිලියන 130ක් පමණ වටිනා කොකේන් තොගයක් සමග තරුණියක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සන්තකයේ තිබී කොකේන් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 553ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය 26 හැවිරිදි සුරිනාම් ජාතික තරුණියක් වන අතර ඇය බ්‍රසීලයේ සිට කටාර් රාජ්‍යයේ ඩෝහා නගරය හරහා මෙරටට පැමිණ තිබුණා.

ඇයගේ සැකකටයුතු හැසිරීම හේතුවෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති අතර එසේ පරීක්ෂා කිරීමේදී ඇයගේ ගමන් මල්ල තුළ අසුරා තිබු ආහාර වශයෙන් සඳහන්කළ ටින් 5ක් තුළ ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ එම කොකේන් තොගය සොයාගෙන තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා කොකේන් තොගය සහ සැකකාරිය රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී ඇති බව සඳහන්