සැමියා ගෙදර නැති රැයේ සුරූපී තරුණියට කළ තිරිසන් වැඩේ..තරුණිය කෑගහන හඬක් රෑ ඇහිලා.(PHOTOS)
අලවතුගොඩ ඇල්ල කඩේ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අලවතුගොඩ පොලිසිය සැකපිට යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඝාතනය 10 දා රාත්‍රියේ සිදුව ඇත. ධනුෂිකා මධුවන්ති නමැති කාන්තාවගේ මළ සිරුර ඇගේ නිවස ආසන්නයේ පිහිටි කුඹුරක තිබී පෙරේදා (11) පෙරවරුවේ සොයාගෙන තිබේ.
ඝාතනය ලක්වූ කාන්තාවගේ මළ සිරුර කුඹුරේ මඩ තුළ ගිල්වා තිබූ බව පොලීසිය පවසයි.
සිද්ධිය වූ දින රාත්‍රියේ තමන් මළ ගෙදරක ගිය බවත් පැය කිහිපයකට පසු යළි නිවස කරා පැමිණි අවස්ථාවේ බිරිඳ නිවසේ නොසිටි බවත් මියගිය කාන්තාවගේ සැමියා පොලිසියට පවසා තිබේ.
බිරිඳ නිවසේ නොමැති බවට සැමියා විසින් කළ පැමිණිල්ලත් සමඟ වහා ක්‍රියාත්මක වූ පොලිසිය ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමකදී වෙල්යායේ තිබී මියගිය කාන්තාවගේ මළ සිරුර සොයාගෙන ඇත.
පොලිස් නිල සුනඛයෙකු යොදවා ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමකදී සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා සෙබළාගේ නිවසට නිල සුනඛයා ගොස් ඇත.
වැඩිදුර සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසු යුද හමුදා සෙබළා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මියගිය කාන්තාව හා ඇගේ සැමියා අතර නිතර අඩදබර සිදුව තිබෙන බව බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිවස දෙසින් 10 දා රාත්‍රී කෑගැසීමක් ඇසුණු බව ප්‍රදේශවාසීහු පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හමුදා සෙබළාගේ නිවස හා ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිවස අතර කිලෝමීටරයක පමණ දුරක් තිබෙන බව පොලීසිය පවසයි.
නිල සුනඛයා කිලෝමීටර් තුනක පමණ දුරක් ගෙවා අදාළ නිවසට ගිය බව පොලිසිය පවසයි. මියගිය කාන්තාවගේ සැමියා වෙත ද පොලිසියේ සැකය එල්ල වී ඇත.
අත්අඩංගුවට ගත් 38 හැවිරිදි යුද හමුදා සෙබළා රාජකාරියේ යෙදී සිටියදී වෙඩි වැදීම හේතුවෙන් සැහැල්ලු රාජකාරි සඳහා යොමු කර සිටින අයෙකි.
ඔහු අවස්ථා ගණනාවකදී මියගිය කාන්තාවට අයුතු යෝජනා සිදු කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.
අලවතුගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |


