"..රදවා තබා ගෙන මුදලට අලෙවි කරාද..පංකාවේ ගෙල වැලලාගෙන ද.." වැසිකිලි වලෙන් හමුවූ තරුණිය ගැන හෙළිවෙන අමුතුම කතාව...

Ganemulla night club Kadavatha Dhilhani panadura hotel
By Sewvandhi Mar 30, 2022 02:41 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක වැසිකිළි වළක් තුළින් සිරුර හමුවූ තරුණ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ. කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරයක නැවතී සිටි එම තරුණිය කඩවත ඩිමෝ හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක රැකියාව කර ඇත.

ඇය එහි රැකියාවට පැමිණ දිනක් පමණ වන බවද අදාළ රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු පොලීසියට පවසා ඇත. දිල්හානි නමින් හඳුන්වන ඇය ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි දෙදරු මවක් බවටද තොරතුරු වාර්තා වී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරයවීමෙන් පසු ඇයගේ මිතුරෙක් පොලීසියට පැමිණ ඇය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ලබාදී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. එම කාන්තාව පානදුර පින්වත්ත අදාළ හෝටලයේ රැඳිසිටියදී එහි කාමරයක් තුළ සිදුකළ ටික්ටොක් වීඩියෝවක් තමාට එවා තිබූ බවද ඔහු පොලීසියට සඳහන් කරමින් එය ඉදිරිපත් කර තිබේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් පොලීසියට සඳහන් කර ඇත්තේ ඇය 26 වනදා හෝටල් කාමරයේ විදුලි පංකාවේ ගෙල වැලලාගෙන සිටි බවය. නමුත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ අනෙක් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එවැනි තොරතුරක් අනාවරණය නොවූ බවය.

මෙම කාන්තාව ඉකුත් 21 හෝ 22 යන දින පානදුර පින්වත්ත ප්‍රදේශයේ අදාළ හෝටලයට රැගෙනවිත් තිබෙන බවටද තොරතුරු වාර්තා වී තිබේ. එහිදී ඇයව විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කර ඇති බවට සැක කළ හැකි බවත් මුදල් ආරවුලක් හෝ පෞද්ගලික ආරවුලක් මුල්කර ගෙන මෙම කාන්තාවට පහරදී ඝාතනය කළාද? යන්න විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයනු ලබන හෝටලයේ කළමනාකරු සහ අනෙක් දෙදෙනා අතර එම හෝටලයට සම්බන්ධ නොමැති කළමනාකරුගේ හිතවතෙක් වන පිටස්තර පුද්ගලයක් ද සිටින බවත් අනාවරණය වී තිබේ. එම පුද්ගලයා තොටලග ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් හේතුවෙන් සිදුවූ වෙඩිතැබීමකට අදාළව පොලීසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින පුද්ගලයක් වන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඝාතනයට ලක්වූ කාන්තාවට අයත් අත්බෑගය හෝටලයට අයත් වෙරළ ආසන්නයේ පිහිටා ඇති ස්ථානයකදී සැකකරුවන් විසින් පුළුස්සා තිබූ හෙයින් ඇයගේ නිත්‍ය තොරතුරු අනාවරණය කරගැනීමට දැඩි බාධාවක් වී ඇතැයි ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතාගේ උපදෙස් මත පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නිශාන්ත සේනාරත්න, නිරෝෂ් ධර්මසේන යන සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ මෙහෙයවීමෙන් පින්වත්ත පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. රණවීර, අපරාධ අංශයේ ස්ථානාධිපති එච්. එම්. ඩී. හේරත් ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now