යෝෂිතට එරෙහි නඩුවේ බොරු සාක්ෂි දුන් බව කියන සාක්ෂිකරුට එරෙහිව පියවර
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේදී බොරු සාක්ෂි ලබාදුන් බවට චෝදනා එල්ල වූ සාක්ෂිකරුවකුට එරෙහිව න විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි ලබාදුන් පාලිත ගමගේ නමැති සාක්ෂිකරු පොලීසියට ලබාදුන් ප්‍රකාශයට පරස්පර සාක්ෂි අධිකරණය හමුවේ ලබාදෙන බව නියෝජ්‍ය සොලිසිීතිමය පියවර ගන්නා බව නීතිපතිවරයා අද (10) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.
නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි ලබාදුන් පාලිත ගමගේ නමැති සාක්ෂිකරු පොලීසියට ලබාදුන් ප්‍රකාශයට පරස්පර සාක්ෂි අධිකරණය හමුවේ ලබාදෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයේ අවධානයට යොමු කළේය.
ඒ අනුව, අදාළ සාක්ෂිකරුට එරෙහිව බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
අනතුරුව අධිකරණය විසින් එම සාක්ෂිකරු ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.