“..ඇත්ත වශයෙන්ම එය හද කම්පා කරවන සුළුයි..මම මුම්බායිවල,මට දුකයි.." – ඉන්දියාවේ සිට යොහනි කියන කතාව..

By Sewvandhi Oct 13, 2022 04:10 PM GMT
Report

තමා ඉන්දියාවේ සිටියදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හදවත කම්පා කරවන බව ජනප්‍රිය ගායිකා යොහනි ද සිල්වා ප්‍රකාශ කර තිබෙනවා. indianexpress.com වෙබ් අඩවිය වෙත ඇය ප්‍රකාශ කර ඇත්තේ අර්බුදයෙන් පසු නැවත ගොඩනැගීමට ඇති එකම මාර්ගය බලාපොරොත්තුව බවයි.

“ඇත්ත වශයෙන්ම එය හද කම්පා කරවන සුළුයි. මගේ පවුල, මගේ දෙමාපියන්, මගේ කණ්ඩායම හැමෝම ආර්ථික අර්බුදය සමඟ ඉන්නවා, මම මුම්බායිවල ඉන්නවා, මම ඔවුන් සමඟ නැහැ. එය හද කම්පා කරවන සුළුය. නමුත් එකම මාර්ගය එයට මුහුණ දී ඉදිරියට යාමයි.”

යොහනි indianexpress.com වෙබ් අඩවිය වෙත එලෙස වැඩි දුරටත් අදහස් දක්වා තිබුණා.

තම පවුලේ අය අර්බුදයට මුහුණ දෙන විට ඔවුන් සමඟ නොසිටීම ගැන ඇයට වරදකාරි හැඟීමක් දැනෙන්නේ දැයි ඇසූ විට, යොහනි ප්‍රකාශ කර ඇත්තේ “මට වරදකාරි හැඟීමක් දැනුනේ නැහැ, මම එහි නොමැතිකම ගැන මට කණගාටුයි. ගොඩක් අය ඉන්නවා, මට හැමෝම ඉන්දියාවට ගේන්න බැහැ, නමුත් මගේ සංගීතය ඔවුන් වෙත ළඟා වෙයි” යනුවෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now