අරගල කරන අයට යොහානි ගෙන් පණිවුඩයක්..මුලු රටටම ආදර්ශයක්..

Sri Lanka Mahinda Rajapakshe Yohani de Silva
By Aruna Apr 12, 2022 06:47 AM GMT
Report

“අඳුරට ශාප නොකර පහනක් දල්වන්න” රට තුළ පවතින ආර්ථික අර්බුදය සඳහා සහාය දැක්වීමට ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීමට ඉදිරියේදී බලපොරොත්තු වන බව ජනප්‍රිය ගායන ශිල්පිනී යොහානි ද සිල්වා පවසයි.

මුහුණු පොත ඔස්සේ සටහනක් තබමින් ඇය පවසන්නේ කලාකාරිනියක ලෙස තම වෘත්තීය ජීවිතය තුළ දේශපාලනය හා කිසිඳු ගනුදෙනුවක් නොමැති බවයි.

නමුත් පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් අසීරුතාවයට පත්ව ඇති පිරිස් සඳහා තම යූ ටියුබ් නාළිකාවේ සහ අනෙකුත් නාළිකා ඉදිරි මාස තුනේ ලැබෙන ආදායම මෙරට ආහාර සහ ඖෂධ ලබාගැනීමට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව ඇය පැවැසුවාය.

එමෙන්ම ඇය වැඩිදුරටත් පවසන්නේ මේ මොහොතේ රට තුළ පවතින අරගලය තමාගේද අරගලයක් බවයි.

නමුත් තමා නිහඬව සිටින්නේ ප්‍රතිපත්තියක් ලෙස දේශපාලනය සම්බන්ධව කතා නොකරන බැවින් සහ දේශාපාලනය පිළිබඳ සැලකිය යුතු දැනුමක් තමාට නොමැති නිසා බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now