ගෑස් හංගන අයට වැඩ වරදියි - ලිට්රෝ සමාගමෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Litro Gas Litro Gas Price Latest Headlines Sinhala news Special Announcement
By R.rishma Nov 02, 2026 06:34 AM GMT
Report

ගෑස් තොග සඟවා තැබීම, අලෙවිය සීමා කිරීම සහ අනුමත මිල ගණන් ඉක්මවා මුදල් අය කිරීම ඇතුළු අක්‍රමිකතාවල නිරත වන අලෙවිකරුවන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම අනතුරු අඟවා තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සමාගම සඳහන් කර ඇත්තේ ගෑස් තොග අනවශ්‍ය ලෙස ගබඩා කර තබා නොගැනීම, අලෙවිය සීමා නොකිරීම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා මුදල් අය නොකිරීම සහ පාරිභෝගිකයන්ගෙන් අනවසර අමතර ගාස්තු අය නොකිරීම සම්බන්ධයෙන් සියලුම අලෙවිකරුවන්ට දැඩි උපදෙස් ලබා දී ඇති බවයි.

එම උපදෙස් උල්ලංඝනය කරන අලෙවිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ගේ අලෙවි නියෝජිතභාවය අවලංගු කිරීමට පවා කටයුතු කරන බවත් සමාගම අවධාරණය කර ඇත.

නිල වශයෙන් අනුමත කර ඇති සිල්ලර මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීම සහතික කිරීම මෙම පියවරවල ප්‍රධාන අරමුණ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ.     


'මුරසු' සුළි කුණාටුව ප්‍රබල වෙයි - ලංකාවේ මුහුදු ප්‍රදේශ රැසකට රතු අනතුරු ඇඟවීමක්

'මුරසු' සුළි කුණාටුව ප්‍රබල වෙයි - ලංකාවේ මුහුදු ප්‍රදේශ රැසකට රතු අනතුරු ඇඟවීමක්

Gallery