හදිසියේම යෝගට් එකක මිල අහස උසට නගී!!!..සිදුවූ දේ මෙන්න.

Sri Lanka Business Yogurt price Manjula nishantha
By Aruna Feb 07, 2022 02:53 AM GMT
Report

ශ්‍රී ලංකාවේ යෝගට් එකක මිල ඉදිරි දිනවලදී රුපියල් 55-60 දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා කිරි සංගමයේ උප සභාපති මංජුල නිශාන්ත මහතා පවසනවා.

ආනයනික අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරි දිනවලදී මෙම තත්ත්වය ඇති වනු ඇති බව ඔහු සඳහන් කළා.

ඩොලර් හිඟය හේතුවෙන් 2020 වසරේ රුපියල් 30ක්ව පැවති යෝගට් මිල රුපියල් 50 දක්වා වැඩි කළද නිෂ්පාදකයා ලාභ නොලබන බවද මංජුල නිශාන්ත මහතා ප්‍රකාශ කළා.

කිරි හිඟය සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් යෝගට් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ඔහු පැවසීය.

රජය මැදිහත් වී මෙම ගැටලුවට විසඳුම් සෙවිය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now .