යෝගා වැඩසටහනේදී බන්දුලට කුඩ ඇල්ලීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්..

Bandula Gunawardane Sri Lanka India
By Sithumi Jun 18, 2023 11:26 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කර තිබූ ජාත්‍යන්තර යෝගා දින සැමරුම සඳහා සහභාගී වු මෙරට දේශපාලකයන් කිහිප දෙනෙකුට කිසියම් පිරිසක් කුඩ ඉසිලීමක් සිදු කරන ආකාරය දැක්වෙන ඡායාරුප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමක් සිදුවනවා.

මෙම ක්‍රියව සම්බන්ධයෙන් පාර්ශ්ව විවේචන එල්ල කරන මොහොතක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මාධ්‍ය අංශය එම සිදුවීම ගැන පැහැදිළි කිරීමක් සිදුකර තිබුණා.

එම පැහැදිලි කිරීමේ දැක්වුණේ වැඩසටහන අතරතුර පෙරවරුවේ ඇද හැලුණු අනපේක්ෂිත වර්ෂාව අවස්ථාවේ පැමිණ සිටින සියලු දෙනාටම කුඩ ඉහලමින් ආවරණය සැපයීමට සංවිධායක ඉන්දියානු මහ කොමසරිස් කාර්යාලය කටයුතු කළ බවයි.

මෙලෙස කුඩ ඉසිලීම කිසිසේත්ම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පමණක් ලබා දුන් විශේෂ සැලකිල්ලක් නොවන අතර, සියලු දෙනා වෙනුවෙන් අවස්ථානුකූලව ගන්නා ලද ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් බවයි එහි වැඩි දුරටත් දැක්වුණේ.

එසේම, ඒ සඳහා කටයුතු කරන ලද්දේ ද සංවිධායක කමිටුවේ නියෝජිතයින් වන අතර ප්‍රභූ ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකු ඊට සම්බන්ධ වී නොමැති බවයි අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය වැඩි දුරටත් පවසන්නේ.