යාලේ දී සතුන්ට වධ දුන් කල්ලියට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Oct 24, 2022 11:09 AM GMT
Report

යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින් පිරිසකට එරෙහිව නඩු පැවරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙි.

යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිරිහැර වන පරිදි වාහනවලින් ගොස් හැසිරුණු මෙම පුද්ගලයින් සම්බන්ධව වහාම නීතිමය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත.

ඒ අනුව එම පුද්ගලයින් පිළිබඳ සියලු තොරතුරු, ඔවුන්ගේ හැඳුනුම්පත් අංක, ලිපිනයන් හා වාහන අංක මෙන්ම අනිසි හැසිරීම් සනාථ කළ හැකි සියලු සාක්ෂි වනජීවී දෙපාර්තමේන්තුව සතුව පවතින බව අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අදාල පුද්ගලයින් සියලු දෙනාට එරෙහිව නඩු පැවරීමට තීරණය කළ බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබන්ඩාර මහතා පැවසීය.

මෙම පුද්ගලයින් කිසිවෙක් විශේෂ අනුග්‍රහයක් යටතේ යාලට ගිය පිරිසක් නොවන අතර ඔවුන් සාමාන්‍ය සංචාරකයින් පිරිසක් බවද වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now