ගමක් හඬවමින්, වෙඩි වැදුණු සිව් හැවිරිදි දරුවා මියයයි ..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Oct 30, 2022 07:57 AM GMT
Report

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයෙකුට ඉකුත් (19)දින දහවල් සිදු කරන ලද වෙඩි තැබිමකදි ඒ අසල සිට සිව් හැවිරිදි කුඩා ළමයාට වෙඩි වැදිතිබූ අතර බර පතල තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අලුයම මියගිය බව කරාපිටිය රෝහල පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ රණේපුර හේවගේ අනුත් සත්සර නමැති සිව් හැවිරිදි ළමයෙකි. කුරුඳු තලමින් සිටි පුද්ගලයා ඉලක්ක කර සිදු කරන ලද වෙඩි තැබිමේදි කුරුඳු තලමින් සිටි පුද්ගලයා මියගොස් ඇති අතර ඒ අසල සිටි මෙම කුඩා ළමයාටද වෙඩි වැදි ඇත.

පසුව තුවාල ලබා සිටි ළමයා කරාපිටිය රෝහලට ඇතුලත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත. වෙඩි වැදිමෙන් එදිනම මියගොස් ඇත්තේ ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ පදිංචි වෙඩික්කාරගේ සමන් කුමාර නමැති 33හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා කරන්දණිය ප්‍රදේශයේ සිදු කරන මිනි මැරුම් නඩුවක සැකකරුවෙකු වන අතර අධිකරණයෙන් ඇප ලබා පැමිණ යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ටි.56 ගිවි අවියකින් වෙඩි තබා පලාගොස් ඇත.

කුඩා ළමයාගේ පාදයකට සහ බඩට වෙඩි වැදි තිබු බවත් රෝහල් ප්‍රකාශකයා පැවසිය. මෙම වෙඩි තැබිමට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහගේ මහතාගේ උපදෙස් පරිදි යක්කලමුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් පරික්ෂන පවත්වා ගෙන යනු ලැබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now