ආර්ථික ප්රතිලාභ වෙනුවෙන් යොදාගත හැකි පණුවන්.
පසක, ශාකයක, සිරුරක,ආහාරයක ආදී තැන්වල දකින ලැබෙන සත්ව කොට්ඨාසයක් තමයි පණුවා කියන්නේ. අපි නම් පණුවෙක් දැක්ක ගමන් ඊයා කියලා විසික් කරනවා නේද? හැබැයි මෙම පණුවන් අතරින් අපට හානි කරන වගේම අපට හිතකර පණුවොත් ඉන්නවා. ඔබ නොදන්නවා වුණාට..අපේ රටේ නැති වුණාට.. වෙනත් රටවල් සමහර පණුවන්ගෙන් ආර්ථිකමය ප්රතිලාභ පවා ලබාගන්නවා.
පට පණුවා
🐛 රෙදි කලාවේදී කරන්නේ පට පණුවන් බෝ කර ඔවුන්ගේ කෝෂ දිගහැර නූල් ගැනීමයි.
🐛 එම නූල් සේද නූල් ලෙස හඳුන්වන අතර සේද නූල් වලින් හදපු ඇඳුම් මිල අධිකයි.
🐛 සේද නූල් නිෂ්පාදනය අවුරුදු දහස් ගණනකට පෙර චීනයේ ආරම්භ වූ අතර පසුව කොරියාවට සහ ජපානයටත් පැතිරුණා.
🐛 පසුකාලීනව ජාන වෙනස් කරන ලද සේදපණුවන් භාවිතයට ගැණුනා.
🐛 මේ නව පණුවන් වානේ වලටත් වඩා සවිමත් නූල් නිපදවනවා.
🐛 එම නූල් වලට ජූල් ලක්ෂයක පමණ චාලක ශක්තියක් දරා සිටින්නට ඒවාට හැකියාව තිබෙනවා.
🐛 ‘ඩ්‍රැගන් සිල්ක්’ ලෙස එම නූල් වර්ගය හඳුන්වනු ලබනවා.
🐛 ඇමරිකානු යුද්ධ හමුදාවත් මෙම නූල් වර්ගය භාවිතයට ගන්නවා.
පටි පණුවා
🐛 පටි පණුවා පරපෝෂිතයෙක්.
🐛 හරකා, ඌරා, බල්ලා, මාළුවා වැනි සතුන්ගේ වගේම මිනිසාගේ බඩවැලේත් ජීවත් වෙන සතෙක්.
🐛 මස් වර්ග..ආහාර වර්ග බගෙට පිස ආහාරයට ගැනීමෙන් පටි පණුවා සිරුරට ඇතුළු වෙනවා.
🐛 මෙම පණුවන් අපේ බඩවැලේ ජීවත් වෙමින් සිරුරේ පෝෂණය උරාබොන අතර ඔවුන් සිරුරට ඇතුල් වීම වැලැක්වීමට නම් හොඳින් පිස ආහාර ගැනීම සහ පිරිසිදු ජලය එහෙමත් නැත්නම් උණු කළ ජලය පානය කළ යුතුයි.
🐛 කෙසේ වෙතත් ස්ථුලතාවයෙන් පෙලෙන අයගේ බර අඩුකරන ප්‍රතිකාරයන් සඳහා මෙම පණුවන් යොදා ගැනෙනවා.
කොකු පණුවා
🐛 මොවුන් ජීවත් වෙන්නේ මඩ සහිත තැන්වල.
🐛 මඩේ ගියහම සහ වැස්ස කාලෙට සෙරෙප්පු නැතිව ගියාම කකුල් දියමිටියෝ කාලා කියන්නේ අපේ හම විදගෙන ඇතුලට යන නිසායි.
🐛 ඔවුන් එහෙම ගිහින් රුධිර නාල ඔස්සේ හෘදය හරහා පෙනහළුවල කේශ නාලිකා වෙත ගොස් වැඩෙනවා.
🐛 උදරය සහ කුඩා අන්ත්රය වෙත ගිහින් එහි සිට දිනපතා ලේ උරා බොන්නට පටන් ගන්නවා.
🐛 කොකු පණුවා වළක්වන්නට අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රියාත්මක වන නිසා ඔවුන්ගෙන් සිදු වන බලපෑම් තරමක් අඩු කරනවා.
🐛 මේ හේතුව නිසාම නිතර අසාත්මිකතා ඇති වන අයට එම තත්වය පාලනය කරන්න කොකු පණුවන් යොදා ගන්නවා. ( හැබැයි මෙහි අතුරු ආබාධත් ඇති වෙලා නැතුවම නෙවෙයි.)
ගැඩවිලා
🐛 මොවුන් ගැන නම් ඔබ හොඳින්ම දන්නවා.
🐛 ගැඩවිලා වාසය කරන්නේ පසේ.
🐛 ඉතින් මේ ගැඩවිලා ආහාරයට ගෙන පෝෂණ ද්‍රව්‍ය වෙන් කර බුරුල්ව ඉවතලන මළ ඉතා සියුම් නිසා ස්ක්‍රබ් කිරීම් වැනි රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරද්දී පාවිච්චි කරනවා.
🐛 ගැඩවිලි මළපහවල ඇති ඉහළ පෝෂ්‍ය ගුණය නිසාම ඒවා සම වියපත්වීම වළකන ආලේපනවල වැඩි වශයෙන් යොදාගන්නවා.
ඉහඳ පණුවා
🐛 මැස්සන්ගේ පිළව් වන මේ පණුවන් මැස්සන් කෑමවල වසා බිත්තර දැම්මාට පසු බිහිවෙනවා.
🐛 ඉතාලි ආහාරයක් වන පෙකෝනියෝ නමැති චීස් වර්ගයෙන් සාඩිනියාවේ අය ඉහඳ පණුවන් යොදා ගත්තා.
🐛 ඒ වගේම කසු මාර්සු (Casu marzu) ලෙස හැඳින්වෙන මෙම නව ආහාරයේ පැසවීමේ ක්‍රියාවලියට මේ පණුවන් යොදාගන්නවා. ගොඩක් වෙලාවට ඉතින් පණ පිටින්ම වගේ තමා කන්නේ.
🐛 නමුත් සෞඛ්‍ය හේතුන් මටත් යුරෝපයේ දැන් මෙම පණුවන් තහනම්.
🐛 ඉස්සර නම් වෛද්‍යවරු තුවාල සුද්ද කරන්න පවා ඉහඳ පණුවන් යොදාගෙන ඇති බව සඳහන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |