ලොව ප්‍රමුඛම විද්‍යාඥයන් අතර ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්..!ශ්‍රී ලාංකික විද්‍යාඥයන් 38 ක්..
අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව සිදුකරන නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලාංකික විද්‍යාඥයන් 38 දෙනෙකු ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් (2%) අතරට ඇතුළත්ව සිටී.
ලොව පුරා විද්‍යාඥයන්ගේ ප්‍රකාශනවල ප්‍රබලතාව දැක්වෙන "සී අගය" (C-Score) මත මෙම වර්ගීකරණය සිදුකර ඇත. විෂයයන් 176ක් පුරා විහිදී ගිය විද්‍යාඥයන් මෙහිදී ඇගයීමට ලක්කර ඇත.
ශ්‍රී ලංකික විද්‍යාඥයන් වන මෙත්තිකා විතානගේ, සේනක රාජපක්ෂ, රනිල් ජයවර්ධන, නිමල් සේනානායක, සරෝජ් ජයසිංහ, SAM කුලරත්න, ජනක ද සිල්වා, නීලිකා මලවිගේ, කමනි මෙන්ඩිස් යන මහාචාර්යවරු ද මේ අතර වෙති.
රජරට විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වූ දැනට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන චන්න ජයසුමන ද මෙම ලැයිස්තුවට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |