යුක්‍රේන ප්‍රතිසංස්කරණය සඳහා රුසියාව ගෙවන්න එකග වෙයිද...?

Russia Ukraine Czech Republic Gagana world news
By Subodha Mar 16, 2022 05:09 AM GMT
Subodha

Subodha

in ලෝකය
Report

යුක්‍රේනයේ අගමැති ඩෙනිස් ෂ්මිහාල් ආක්‍රමණය ආරම්භයේ සිට තම රටට ඩොලර් බිලියන 500 (පවුම් බිලියන 383) කට වඩා වැඩි හානියක් සිදුවී ඇති බැවින් යුද්ධයෙන් පසු යුක්‍රේනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුසියාව ගෙවිය යුතු බව පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

 යුක්‍රේනය යුද්ධය දිනුවද, හරියටම වන්දි එකතු කරන්නේ කෙසේද යන්න ගැන යුක්‍රේනයේ අගමැතිවරයා නොකියන නමුත් රුසියානු දේපළ අත්පත් කර ගැනීම ගැන සඳහන් කර තිබෙන බවයි පැවසෙන්නේ.

යුක්‍රේනය මිත්‍ර රටවලින් ද මූල්‍ය ආධාර ලබා ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ සහයෝගීතාවය දැක්වීමට කියෙව් වෙත ගිය චෙක් ජනරජය, පෝලන්තය සහ ස්ලෝවේනියාවේ නායකයින් සමඟ පැවති රැස්වීමේදීයි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now