අලුත් පරම්පරාවකට ඉඩදී ධූරයෙන් ඉවත් වූ ආදර්ශමත් අගමැති...

Lebanon Gagana news lebanon youth Prime Minister Najib Mikati
By Subodha Mar 16, 2022 04:12 AM GMT
Report

එළඹෙන මැයි මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තමා ඉදිරිපත් නොවන බව ලෙබනනයේ අග්‍රාමාත්‍ය නජිබ් මිකාති පවසයි.

එම මැතිවරණය මැයි 15 වනදා පැවැත්වීමට නියමිත ය.

වසර තුනක පමණ සිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින ලෙබනනය ඔහුගේ මෙම තීරණයෙන් දේශපාලන අර්බුදයකත් මුහුණ දීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

විශේෂයෙන්ම සුන්නි දේශපාලන කටයුතු සඳහා ද එම තීරණය දැඩි බලපෑමක් ඇති කළ හැකි බව සඳහන් වෙයි.

ලෙබනනයේ හිටපු අගමැතිවරයෙක් වන සාඩ් හරිරි ද තමා දේශපාලනයෙන් ඉවත්වන බව පසුගිය ජනවාරි මාසයේ පැවසීය.

"Future Movement" නම් ඔහුගේ දේශපාලන පක්ෂයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 20 දෙනෙක් සිටින අතර ඉදිරි මැතිවරණය සඳහා ඔවුන්ද ඉදිරිපත් නොවන බව පවසයි.

ලෙබනන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 128 දෙනෙක් සිටින අතර එය ආගමික සම්භවය අනුව වෙන්කර තිබේ.

ඒ අනුව සුන්නි පාර්ශවය සඳහා අසුන් 27ක් වෙන්කර ඇති අතර ඉන් රැසක් සඳහා මන්ත්‍රීවරුන් පත්කරගත යුතුය.

මිකාති පැවසුවේ "අලුත් පරම්පරාව" සඳහා අවස්ථාව ලබාදීමට තමා දේශපාලනයෙන් ඉවත්වන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now