නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුනම යළි ජාතික විදුලි පද්ධතියට

Norochcholai Power Plant Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 24, 2026 06:57 AM GMT
Report

පසුගියදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමඟ අක්‍රිය වූ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම යළි සක්‍රීය කර ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට පියවර ගෙන තිබේ.

පසුගිය 17 වැනිදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම ක්‍රියා විරහිත විය.

මෙම තත්ත්වය හමුවේ ආරක්ෂිත පියවරක් ලෙස බලාගාරය දින කිහිපයක් යනතුරු ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ නොකිරීමට තීරණය කළ බව ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම මීට පෙර නිවේදනය කර තිබිණි.

එම සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මෙවැනි හදිසි තත්ත්වයකදී අනුගමනය කරනු ලබන සාමාන්‍ය ආරක්ෂක ක්‍රියාපටිපාටියට අනුව එම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත්, මේ වන විට බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම යළි සක්‍රීය කර ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.