ලංකාවේ සිට ඉන්දියාවට පැය 13කින් පීනා ගිය දැරිය...

Gagana news Special needs for people with autism Jiya rai
By Subodha Mar 21, 2022 10:41 AM GMT
Report

ඔටිසම් රෝගයෙන් පෙළෙන විශේෂ අවශ්‍යතා සහිත දැරියක් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ තමිල්නාඩුව දක්වා පිහිනා වාර්තාවක් තබා ඇත.

ජියා රායි (13) නම් මෙම දැරියට තලෙයිමන්නාරමේ සිට දනුෂ්කෝඩි දක්වා පිහිනීමට පැය 13 ක් ගතවී ඇති අතර ජියා රායි පැයට කිලෝ මීටර 14 ක වේගයෙන් විවෘත ජලයේ පිහිනූ විශේෂතම කාන්තාවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියයි.

මෙම දැරියට 20 වන දින පෙ.ව 4.22 සිය පිහිනීම ආරම්භ කර ඇති අතර එදිනම ප.ව 5.32ට  දනුෂ්කෝඩි, අරිච්චල් වෙරළට ලගාවී තිබින.

විශේෂිතම කරුණ නම් ඔටිසම් රෝගයෙන් පෙලෙන්නෙකුට සමාජයත් සමග කටයුතු කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීම ඉතාම අපහසු වේ.

ජියා රායි හට ඉන්දියාවේ අවුරුදු 18ට අඩු අයෙක්ට ලබා දෙන ඉහළම ගෞරවය වන රාශ්ට්‍රිය බාල් පුරස්කර් සම්මානය ලබා දී ඇත

මෙම දියණියගේ පියා ඉන්දිය නාවික හමුදාවේ අයෙකු ලෙසද සදහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now