ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල පහළට

Fuel Price In World World Economic Crisis Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 02, 2026 08:42 AM GMT
Report

පවතින සාමකාමී වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල මේ වනවිට කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බව වාර්තා වේ. ආසියානු වෙළෙඳපොළට වැඩි වශයෙන් ඉන්ධන සැපයෙන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල මේ වනවිට අමෙරිකානු ඩොලර් 70.80ක් පමණ අගයක සටහන්ව තිබේ.

ඉරාන යුද තත්ත්වය ආරම්භ වූ පෙබරවාරි 28 වැනිදා වනවිටත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 70කට ආසන්න අගයක පැවති බවද වාර්තා වේ.

මේ අතර අමෙරිකාවේ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.87ක් ලෙස සටහන්ව ඇති අතර, යුද තත්ත්වයට පෙර එය ඩොලර් 68ක පමණ අගයක පැවති බව සඳහන් වේ.

ලෝක වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර දේශපාලන හා ආරක්ෂක තත්ත්වයන් ස්ථාවර වීමත් සමඟ ඉන්ධන මිල ස්ථාවර මට්ටමකට පත්ව ඇති බවයි.