මෙරට ඖෂධ හිඟය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්

World Health Organization Sri Lanka Ministry of Health Sri Lanka Dr. Asela Gunawardana
By Sewvandhi May 29, 2022 08:41 AM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

පවතින ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවති ලෝක සෞඛ්‍ය සමුළුව අතරතුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයින් සමග තමන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මතුව ඇති ඖෂධ හා වෛද්‍ය සැපයුම් හිඟයට විසඳුම් ලබාදීමේ හැකියාව පිළිබඳ එහිදී සාකච්ඡා කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීයා පවසයි.

එමෙන්ම මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ලබාදීම පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබේ. පසුගිය 22 වැනිදා ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සමුළුව 28 වැනිදා අවසන් වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල නියෝජිතයින් ඊට සහභාගී වුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now