වෙනස්ම සැලසුමකින් ශ්‍රී ලංකාව හෙට සිඩ්නි පිටියට.

Sri Lanka Cricket T20 World Cup 2022
By Wayomi Oct 28, 2022 12:26 PM GMT
Report

 හෙට (29) ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී වෙනස් ආකාරයේ සැලසුමක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වෙනවා.

හෙට තරගය පැවැත්වෙන්නේ සිඩ්නි ක්‍රීඩාංගණයේයි.

මෙය දඟ පන්දු යවන්නන්ට ආධාර උපකාර කිරීමට නම්දැරූ ක්‍රීඩාංගණයකි.

ඒ අනුව හෙට පැවැත්වෙන තරගය ජයගන්නා වෙනත් ආකාරයක් ගැන ශ්‍රී ලංකා කණ්ඩායම අවධානය යොමුකර තිබෙනවා. ඒ පිළිබඳව නවීඩ් නවාස් මහතා පැවසුවේ මේ ආකාරයටයි.

“මේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී පිතිකරුවන්ට ඕන තරම් ලකුණු තියෙනවා. මේක එදා ඉඳලාම අපට (ශ්‍රී ලංකාවට) ටිකක් වාසිදායක ක්‍රීඩාංගණයක්. මෙතනදී පන්දුව හතරේ සීමාවට ගලායාමත් ඉතාමත් වේගවත්. ඒ නිසා අපට ටිකක් වෙනස් ආකාරයේ සැලසුමක් යොදාගෙන මේ තරගයට යන්න වෙනවා කියන එක අපි හැමෝම දන්නවා”

“කණ්ඩායමේ හැම දෙනෙක්ම ලොකු හැඟීමකින් ඉන්නේ. හැම කෙනෙක්ම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ අවසන් පූර්ව තරගයට එන්න. ඒක හින්දා මේක කාගේ හරි අලුතින් එන කෙනෙකුගේ අවස්ථාව වෙන්නත් පුළුවන්” 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW