දසකුත් ප්‍රාර්ථනා මැද පිටියට යන සිංහයින් - නොඉසිල්ලෙන් බලා සිටින අද මැච් එක.. අප්‍රිකානුවන් ගැන අසන්නට ලැබුණ විශේෂ දෙයක් ඒ අතර..
Cricket
Sri Lanka Cricket
Sri Lanka
India
South Africa National Cricket Team
By krishani
අද (07) දිල්ලි හී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය පැවැත් වෙයි.
ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගයි.
අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2 ට තරගය ආරම්භ වීමට නියමිතයි.
අද තරගයට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා නොකරන බව දැනුම් දී ඇත.
එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අවස්ථා හයකදී මුණගැසී තිබෙනවා.
එයින් 1992 ලෝක කුසලානයේ දී හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානුවන් පරාජයට පත් කිරීමට හැකියාව ලැබී නොමැත.
එමෙන්ම ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය ද අද තරග වදින අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10.30 ට ආරම්භ වීමට නියමිතයි.