හිතේ සැහැල්ලුවෙන් Office එකේ වැඩ කරන්න Tips 5ක්.
ගොඩක් අය උදේට රැකියාවට යන්නේ බැන බැන. ඒත් ඔබ ජීවත් වෙන්නේ ඒ රැකියාවෙන් නේද? ඔබේ රැකියාව ඔබ ආස කරන රැකියාවක් නොවෙන්න පුළුවන්. සමහරවිට ඔබ ආස කරන රැකියාවම වෙන්නත් පුළුවන්. ඔබ කොතනක, කොහොම, මොන විදිහට රැකියාව කළත් කරන දේ හිතේ සැහැල්ලුවෙන් සහ සතුටින් කරන්න පුළුවන් නම් ඔබේ සාර්ථකත්වය වැඩි ඈතක නෙවෙයි. ඉතින් මේ කියන්න යන්නේ හිතේ සතුටින් වැඩ කරන ක්‍රම කිහිපයක් ගැනයි.
🌻 හැමදේටම මුල කම්මැලිකම. උදේ එලාම් එක වදිද්දී හිතන්න ඔබේ හෙට දවස ගැන. ඒ ගැන හීන දකින්න. එතකොට ඔය කම්මැලික නැතිවේවි. උදේම office එකට අවොත් වැඩ ගොඩගහන්නේ නැතිව හිතේ සැහැල්ලුවෙන් වැඩ කරගන්න පුළුවන්.
🌻 දවස අවසානේ ඉතුරු වෙන රාජකාරි වැඩ ගෙදර අරන් යන්න එපා. එතකොට ගෙදර අයත් එක්ක සතුටින් ඉන්න කාලයට නැති වෙනවා. ඊට පස්සේ ඉතින් පවුල් ප්‍රශ්න, හිතේ සැනසීම නැති වෙනවා. ඒ නිසා office එකේ වැඩ ගෙදර අරන් යන්නත් එපා. ගෙදර ප්‍රශ්න office එකට ගේන්නත් එපා. ඒවා කරදර වැඩ. ඔබේ රාජකාරි වැඩ ඉතුරු වෙනවා නම් එහෙම වෙන්න හේතුව හොයලා ඒකට විසඳුම් හොයන්න. කාලය කළමනාකරණය කරගන්න.
🌻 අනුන්ගේ වැඩ දිහා බල බලා ඉන්නේ නැතිව තමන්ගේ කාර්යාලයේදී ඔබේ වැඩවලට පමණක් අවධානය දෙන්න.
🌻 සෑම දිනකම තමන් වෙනුවෙන් සුළු වේලාවක් වෙන් කර ගන්න. ඔබේ hobby එකට හෝ වේවා..ටිකක් නිදාගන්න, මනස සැහැල්ලු කරගන්න පැයක්, දෙකක් වෙන් කරගන්න.
🌻 සතියේ එක් දිනයක් සමීපතමයන් සමග සැහැල්ලුවෙන් ගත කරන්න. trip එකක් යන්න.
🌻 ඒ වගේම හොඳ නින්දක් ලබාගන්න. කලින් නැගිටලා වැඩ යන්න නම් ගොඩක් රෑ වෙනකන් ඉන්නේ නැතිව කලින්ම නිදාගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |