දැක්කත් දිව නැටවෙන රස දිවුල් සම්බෝල.

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Aug 18, 2022 12:16 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

රස දිවුල් සම්බෝල රෙසිපි.

අවශ්‍ය ද්‍රව්‍ය

🔸 සාමාන්‍යයෙන් පැහිච්ච දිවුල්

🔸 කොච්චි මිරිස් දෙකක් වගේ

🔸 ගම්මිරිස්කුඩු

🔸 ලුණුකුඩු

🔸 පොල්

සාදාගන්න ආකාරය

🔸 හොඳින් පැසුනු දිවුල් දෙකට පලාගන්න.

🔸 පලාගත් දිවුල් පොල් ගානවා වගේ හිරමනෙන් හීනියට ගාගන්න.

🔸 ඊලඟට ගාගත් දිවුල් වලට ලුණු කුඩු සහා වතුර එක්කකර හොඳට මිරිකරලා කහට ගතිය යවන්න.

🔸 දැන් පොල් ටිකක් ගාගන්න.

🔸 දැන් වංගෙඩියට ලුණු, කොච්චි ගම්මිරිස් ඇට හෝ කුඩු, සහ පොල් ගාගත් දිවුල් එකතුකරගෙන හොඳට කොටාගන්න, නැත්නම් ගලේ අඹරා ගන්න.

🔸 පසුව එලෙස අඹරා ගත් පොල් මිශ්‍රණය ගාගත් දිවුල් සමඟ හොඳින් අනාගන්න.

( කැමති නම් කොටාගත්ත දිවුල් ටික මැටිහට්ටියකට දාගන්න.. ඊලඟට ඒකට සිනි විනාකිරි එකතුකරගෙන හොඳට අනලා රස බලන්නත් පුළුවන්)

දිවුල් සම්බෝල


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW