මෙරට කාන්තාවන් ගැන ගත්ත තීරණයක්?.

Latest Headlines Decision Making
By krishani Feb 13, 2024 04:11 PM GMT
Report

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ පුරුෂයන්ට සාපේක්ෂව, සාම්ප්‍රදායික ලෙස කාන්තා සහභාගිත්වය අඩු බැවින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සඳහන් කළේ ය.

මෙරට කාන්තාවන් ගැන ගත්ත තීරණයක්?. | Womens Participation In The Workforce

මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස් වූ අවස්ථාවේ දී සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව, අයවැය සැකසීම, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීමේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සලකා බැලීම් ඇතුළත් කිරීම සඳහා රාමුවක් සකස් කළ යුතු බවත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ අයවැය මුලපිරීම්වල බලපෑම සොයා බැලීම සඳහා අධීක්ෂණ යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීමටත් එකඟතාවය පළ කර ඇත.

එමෙන්ම, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සඳහා වන 25% කෝටාව සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇති බව සඳහන් වේ.

ජනාධිපතිවරයාගේ අණ පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් එකවරම නිකුත් කෙරේ - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTO)

ජනාධිපතිවරයාගේ අණ පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් එකවරම නිකුත් කෙරේ - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTO)


කෙසේ වෙතත්, මීට අමතරව පාර්ලිමේන්තුවේ 25% හෝ ඊට වැඩි කාන්තා නියෝජනයක් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමේ වැදගත්කම සහ රටේ ජනගහනයෙන් 50% ක් වන කාන්තාවන් මෙම කාර්යය සඳහා මෙහෙයවීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.