ක්‍රිකට් ලෝලීන්ට සතුටක් ගෙන දෙමින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලැබූ සුපිරි ජයග්‍රහණය..

Cricket Sri Lanka Cricket ICC Women’s T20 World Cup Cricket Record
By Sithumini Jul 20, 2024 04:47 PM GMT
Report

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා පිල අද සමත් වුණා.

ඒ බංග්ලාදේශ කාන්තා පිල කඩුලු 07කින් පරාජය කරමින්. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා පිල නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 111ක් රැස් කළ අතර පන්දුයැවිමේදි උදේෂිකා ප්‍රබෝධනී සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ලකුණු 112ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා පිලට සාර්ථක අරම්භයක් ලබාදිමට නායිකා චමරි අතපත්තු සහ විෂ්මි ගුණරත්න සමත්වුණා.

චමරි අතපත්තු ලකුණු 12ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කාන්තා පිලට ජය මාවත විවර කර දුන් විශ්මි ගුණරත්න ලකුණු 51ක් සහ හර්ෂිතා මාධව වී නොදැවී ලකුණු 33ක් රැස් කළා.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 17යි ඒක්පන්දුවක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.