කාන්තාවන්ට වැඩිම අතවර සිදුවන නගරය මෙන්න..යනවනම් මේ ගැන දැඩි අවධානයෙන්..

India
By Aruna Sep 26, 2022 02:49 AM GMT
Report

ඉන්දියාවේ කාන්තාවන්ට අනාරක්ෂිතම නගරය නවදිල්ලිය බව ඉන්දීය ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (NCRB) පවසනවා.

එහි නව වාර්තාවට අනුව, පසුගිය වසරේ සෑම දිනකම ඉන්දියාවේ ජාතික අගනුවර දී දූෂණය වී ඇති බාලවයස්කාර දැරියන් සංඛ්‍යාව දෙදෙනෙක්.

2021 වසරේදී නවදිල්ලියේ කාන්තාවන්ට එරෙහි අපරාධ 13,892 ක් වාර්තා වී ඇති අතර, එය 2020 වසරට සාපේක්ෂව 40% කට වඩා වැඩිවීමක්.

ජාතික අපරාධ වාර්තා කාර්යාංශය (NCRB) පවසන්නේ, නවදිල්ලි හි කාන්තාවන්ට එරෙහි අපරාධ ප්‍රතිශතය ඉන්දියාවේ නගර 19 සමස්ත අපරාධවලින් 32.2 % ක් බවයි.

නවදිල්ලියට පසුව කාන්තාවන්ට එරෙහි අපරාධ 5,543 ක් මූල්‍ය අගනුවර වන මුම්බායිවලින් සහ අපරාධ 3,127 ක් බැංගලෝර්වලින් වාර්තා වී තිබෙනවා. මුම්බායි සහ බැංගලෝර් අපරාධ ප්‍රතිශතය, නගර 19 ක සමස්ත අපරාධවලින් පිළිවෙළින් 12.76% ක් සහ 7.2% ක්.

මිලියන දෙකකට අධික ජනගහනයක් සිටින අනෙකුත් අගනගරවලට සාපේක්ෂව පැහැරගැනීම් (3,948), ස්වාමිපුරුෂයන්ගේ කෲරත්වය (4,674) සහ ගැහැණු ළමයින් දූෂණය කිරීම (833) වැනි අපරාධ වැඩිම සංඛ්‍යාවක් ජාතික අගනුවරින් වාර්තා වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now