බන්ධනාගාරේ රැද්වියන් බලන්න ආපු කාන්තාවගේ යට ඇදුමෙන් හමුවූ දේ..

By Sithumi Feb 22, 2022 11:55 AM GMT
Report

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු බැලීමට පැමිණි කාන්තාවක් විසින් සැකකරුට ලබාදීම සඳහා ජංගම දූරකථනයක් සිය යට ඇදුමේ සඟවා බන්ධනාගාර තුළට රැගෙන විත් තිබෙනවා.

මෙම කාන්තාව විසින් ඉතා උපක්‍රමශිලී ලෙස තම යට ඇඳුමේ සඟවාගෙන බන්ධනාගාරය තුළ අමුත්තන් පෙන්වන ස්ථානයට යාමට තැත් කිරිමේදී අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රාජකාරියේ යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරිනියන් විසින් එම කාන්තාව පරික්ෂා කිරිමේදී දූරකථනය සොයා ගැනුණා.

මෙම සිදුවිම සම්බන්ධයෙන් අගුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයා වෙත වාර්තා කිරිමෙන් පසුව එම තහනම් ද්‍රව්‍ය සමඟ සැකකාර කාන්තාව ඉදිරි නීතිමය කටයුතු කිරීම සඳහා අගුණකොළපැලැස්ස පොලිස්ථානය වෙත භාරදීමට කටයුතු කළා. මෙම ‍සිදුවීම සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කර ඇති බවයි බන්ධනාගාර මූලස්ථානය පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now