විශ්ව බුද්ධට අද අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න..

Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka
By Aruna Jan 26, 2024 06:34 AM GMT
Report

විශ්ව බුද්ධ නමින් හඳුන්වා ගන්නා චීවරධාරියා පෙබරවාරි 02 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔහුව වෙනත් නඩු කටයුත්තක් සඳහා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

විශ්ව බුද්ධ පසුගියදා පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට යළි අත්අඩංගුවට ගනු ලැබුවේ, බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැරීමෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ ක්‍රියාවන් වල නිරතවීම හේතුවෙනි.

සැකකාර චීවරධාරියා මීට පෙරද අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අතර දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මොහු සම්බන්ධයෙන් දෙවන වරටත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර විශ්ව බුද්ධ හෙවත් රත්නපුරේ විමල බුද්ධි නමැති චීවරධාරියා පසු ගියදා යූටියුබ් නාලිකාවකට පැමිණ ආන්දෝලනාත්මක අදහස් දැක්වීමක් සිදු කළා.

එම ආන්දෝලනාත්මක වීඩියෝව පහතින්,