සාමාන්‍ය පෙළට A සාමාර්ථම 9 ක් ලබාගත් ක්‍රිකට් තරුව..

By Sithumi Nov 26, 2022 03:07 PM GMT
Report

අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාව ද සමබරව සිදුකළ හැකි බව පසක් කරමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කාණ්ඩායම නියෝජය කරන ලාබාලතම ක්‍රීඩිකාව වන විෂ්මි ගුණරත්න මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 9ටම A සාමාර්ථ ලබාගෙන තිබෙනවා.

ඇය ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුවියක් වන අතර ඇය අද වනවිට වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙසද කටයුතු කරනවා. 

 එමෙන් මළල ක්‍රීඩාවෙන් ද ඇය ජාතික මට්ටමේ වාර්තා තැබු ක්‍රීඩිකාවක් වන අතර කාලය කළමනාකරණය කරගනිමින් ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපන කටයුතු ද සමබරව සිදුකළ බවයි ඇය පැවසුවේ.