Wishing Stone හෙවත් ආශිර්වාද ගලේ ඇත්ත නැත්ත. (VIDEO)
ආශිර්වාද ගල, පැතුම් ගල (Wishing Stone) ගැන මීට කලින් අහලා තියෙනවද? සමහර වෙලාවට ඔයාලටත් මේවා හමුවෙලා ඇති. හැබැයි ලේසියකින් හොයාගන්න පුළුවන් ගලක් නම් නෙවෙයි.
🔮 Wishing Stone හෙවත් Hag Stone යනු වසර සිය ගණනක් පුරා අඛණ්ඩව ජලයේ පෙරළීමෙන් එනම් වඩදිය බාදිය සහ සුළං මගින් පෙරළෙන ස්වභාවික සිදුරක් සහිතව දුර්ලභ හා අතිශය ඉන්ද්රජාලික ගලකි.
🔮 පැරණි ජනකතා වලට අනුව Hag Stones දොරවල් සහ ජනෙල් මත එල්ලා තැබීමෙන් ආරක්ෂාව ලැබෙන අතර ඒවා ඔබේ ඇඳට ඉහලින් එල්ලා තැබීම බියකරු සිහින සහ ඍණාත්මක බලපෑම් වලින් ඔබව ආරක්ෂා කරන බවත්, ඔබ ළඟ හෝ ළඟ තබා ගැනීමෙන් ඔබව ආරක්ෂා කර සුවපත් වීමට උපකාර වන බවත් පැවසෙනවා.
🔮 Hag stones Holey stones, Lucky stones, Odin Stones, Witch Stones, Faerie Stones, Wishing Stones, Seeing Stones, Eye Stones, Adder Stones යන නම්වලින් ද හඳුන්වනු ලබන අතර ඒවා ආරක්ෂක ආමුදිතයන් ලෙසද භාවිතා කරනවා. අපේ හග් ගල් සොයා එංගලන්තයේ දකුණු වෙරළ තීරයෙන් එකතු කරනු ලැබේ. ඔවුන් දුර්ලභ හා අද්විතීයයි.
🔮 A Wishing Stone යනු මුහුදු වෙරළේ දක්නට ලැබෙන ඉන්ද්රජාලික ගලක් හෝ ගල් කැටයක් වන අතර ගල වටා ස්වභාවිකවම නිර්මාණයවූ නොබිඳුණු රේඛාවක් පිහිටීමයි Wishing Stone එකක විශේෂත්වය. ඒ ඇර වෙන කිසිම නීතියක් හෝ නියමයක් මෙයට බලපාන්නේ නැහැ නිශ්චිත ප්රමාණයක්, හැඩයක් හෝ වර්ණයක් ද නැත.
🔮 ශතවර්ෂ ගණනාවක් තිස්සේ විශ්වාස කර ඇත්තේ මේ කියන විදිහේ Wishing Stone එකක් හමුවුණාම ඒක අතට අරගෙන දෑස් පියාගෙන ඔයාගේ හුරු අතේ ඇඟිලි තුඩුවලින් ගලේ රේඛාව මත ගලවටා ස්පර්ශ කරමින් ඔයාගේ ප්රාර්ථනාවක් කරල ඒ Wishing Stone එක මුහුදේ ඔයාට පුලුවන් තරම් ඈතට විසිකිරීමෙන් හෝ එය වෙනත් කෙනෙකුට තිලිණ කිරීමෙන් ඔබේ පැතුම ඉටුවෙන බවයි.
🔮 එමෙන්ම මේ විදිහට තමා වෙනුවෙන් පැතුමක් නොකර, වෙනත් කෙනෙකු වෙනුවෙන් පැතුමක් කිරීමෙන් ඒ කෙනාගේ පැතුමත් ඔයාගේ පැතුම් සියල්ලත් ඉටුවෙන බවත් විශ්වාස කෙරෙනවා. ඕන නම් තමන් ළඟම ගල තියාගන්නත් පුළුවන්.
🔮 Wishing Stone එක වටා තියෙන රේඛාව නොකැඩුණු, පැහැදිලි, සුදු පැහැ සහ වෙනත් රේඛාවන්ගෙන් බාධා නොවුණ එකක් නම් එය අතිශය වටින බව සලකනවා.
🔮 හදවත හැඩැති Wishing Stone එකක් කියන්නේ සොබාදහමෙන් ලැබුණ ආදරණීය තිලිණයක් නිසාම හැමෝම වගේ කැමති ඒවගේ Wishing Stone එකක් ලැබෙනවටයි.
🔮 මේවා හොයාගන්න එකක් ටිකක් අසීරු කාර්යයක්. ලංකාවෙන් නම් කොහොමත් බැරිවෙයි. එංගලන්තයේ දකුණු වෙරළ තීරයෙන්, කෝන්වෝල් හි වෙරළ තීරයෙන් නම් හොයාගන්න පුළුවන්. නමුත් දැන් ගොඩක් online shopping හරහා මිලදී ගන්නත් හැකියාව තියෙනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |