21වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka Politician Wimal Weerawansa
By krishani May 27, 2022 05:46 AM GMT
Report

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳව සලකා බලන්නේ නම් අදාළ පක්ෂවල සහය 21 වන ව්‍යවස්ථා සංශෝධනයට ලබා දෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. 

එතුමා දැක්වූ අදහස පහතින්,

"21 වන සංශෝධනයට අදාළ කෙටුම්පත අපේ පක්ෂ එකමුතුව විසින් අපි අධ්‍යයනය කරලා අපේ අදහස් ටික අපි ඉදිරිපත් කළා. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා ඊට සහාය දෙන හැම පක්ෂයකම අදහස් සහ හොඳ යෝජනා සියල්ල සැලකිල්ලට ලක් කරලා ඒ අනුව එහි අවසාන කෙටුම්පත සකස්වෙන්නේ කියලා.අපේ පක්ෂ එකමුතුව දැනටමත් තීරණය කරලා තියෙනවා ඒ අපි ඉදිරිපත් කරන සුදුසු සංශෝධනවලට නියමිත වටිනාකම ලැබෙනවා නම් අපේ සහාය 21 වන සංශෝධනයට ලැබෙනවා කියලා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join