පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නඩුවට සිදු වුණ දේ..
2016 වසරේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ මොහොතේ දී කොළඹ - තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගවල උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අගෝස්තු මස 29 වනදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළහ.
හිටපු අමාත්‍ය විමල් වීරවංශට අමතරව එම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීර,මොහොමඩ් මුසම්මිල් සහ ජාතික නිදහස් පෙරමුණේ හිටපු සාමාජිකයින් වන වීරකුමාර දිසානායක,පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන අයයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |