විමල් වීරවංශගේ සහෝදරයා අත්අඩංගුවට
Wimal Weerawansa
Latest Headlines
Sinhala news
Puwath.lk
Arrest
By R.rishma
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (16) අත්අඩංගුවට ගෙන තිබේ.
රජයේ වාහනයක් අවභාවිත කළ බවට වන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.
මීට පෙර සරත් වීරවංශ මහතා පානදුර ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් නිවසක රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මත විමර්ශන නිලධාරීන් එම ස්ථානයට ගියද, එම අවස්ථාවේදී ඔහු එහි නොසිටි බව සඳහන්ය.
කෙසේවෙතත්, අද (16) ගම්පහ ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.