විමල් වීරවංශ සිය ස්ථාවරය දැනුම්දෙයි

Gotabaya Rajapaksa Sri Lanka Politician Wimal Weerawansa SL Protest
By Sewvandhi Jul 09, 2022 02:02 PM GMT
Report

මේ මොහොතේ ජනතා අභිලාෂයට හිස නමමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව සඳහන් කරන්නේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්. එම පණිවිඩයේ ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනාධිපතිපවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස් වීමෙන් අනතුරුව රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා සහ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය යුතුයි යනුවෙන්. 

ඒ වෙනුවෙන් ඉතාම කඩිනමින් ජනතා විශ්වාසය හා ජාත්‍යන්තර විශ්වාසය දිනාගත හැකි අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පියවර ගත යුතු බව ද ඔහු එහි සඳහන් කරනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now