රිමාන්ඩ් භාරයේ සිටින නාමල් රාජපක්ෂට ඇප ලැබෙයිද?

Namal Rajapaksa Bribery Commission Sri Lanka Latest Headlines Sinhala news Colombo politics heat up
By R.rishma Nov 25, 2026 10:44 AM GMT
Report

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන දෙසැම්බර් 14 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද (25) තීරණය කළේය.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කර තමන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

අදාළ ප්‍රතිශෝධන පෙත්සම අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.